"..මෙ ගැරහුම් මට හුරුයි..සමහරු හිනා වෙනවා.." - සජිත් ප්‍රේමදාස

Sajith Premadasa Sri Lanka Samagi Jana Balawegaya
By Sithumi Dec 23, 2022 12:52 PM GMT
Report

තමන් මිනිස්සුන්ට හුස්ම ගන්න උදව් කරන එක, මිනිසුන්ගේ හුස්ම හිර කරන කල්ලි වලට විහිලුවක් වෙන්න පුලුවන් වුවද තමන් කිසි විටෙකත් ඒවායෙන් අධෛර්යයට පත්නොවන බවත්, සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාවෙන් මිදී රටට අගයක් එකතු කිරීම නොපිරිහෙලා ඉටුකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාසැල් වලට බස් දෙනකොට සමහරු හිනහා වෙන බවත්, පාසල් වලට පරිගණක විද්‍යාගාර දෙනකොට සමහරු හිනහා වෙන බවත් පැවසූ විපක්ෂ නායකතුමා මේ රටේ රෝහල් පද්ධතියට හුස්ම හරහා උදව් කරනකොටත් සමහරු හිනා වෙනවා.

 සොරුන්ට මල්මාලා දාන රටක, දේශපාලන ඩීල් කාරයින්ට පූජාසන හදන රටක, වේදිකාවල අනෙක් අයව විවේචනය කර කර පුරාජේරු කයිවාරු කාරයින්ට අත්පොළසන් දෙන රටක තමන් කරන සමාජ සත්කාර වලටත් හිනාවෙන සමහරු ඉන්න එක පුදුමයක් නොවන බව ද විපක්ෂ නායකයා පවසනවා.

නමුත් තමන්ට හිනා වෙන සමහරුම තමන් විසින් රෝහල් පද්ධතියට පරිත්‍යාග කරන මෙවලම්වලින් කවදහරි හුස්ම ගනු ඇති බවත්, තමන්ට හිනා වෙන සමහරුන්ගෙ දරුවෝ තමන් පරිත්‍යාග කරන බස් රථවල නැගිලා සමහරවිට පාසල් යනු ඇති බවත් පැවසූ විපක්ෂ නායකතුමා, මේ ගැරහුම් අවමාන අවලාද තමන්ට හොඳට පුරුදු බවද ඔහු පැවසුවා.

  සමගි ජන බලවේගයෙන් හුස්මක් 54 හා 55 අදියර යටතේ රු.7,800,000.00වටිනා රෝහල් උපකරණ ත්‍රිකුණාමලය රෝහලට සහ මඩකලපුව රෝහලට පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවූ අතර එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now