සජිත්ගේ ඉදිරි සූදානම ගැන දැනුම්දෙයි..අගමැති වෙයිද?
ජන වරමක් නැති ව කිසිදු අවස්ථාවක සමගි ජන බලවේගය ආණ්ඩුකරණයට එක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා.
අන්තර්කාලීන ආණ්ඩුවකින් සිදුවන්නේ හොරු නොවන අයත් හොරු බවට පත්වීම බව ද හෙතෙම පැවසීය. තම පක්ෂයේ ප්‍රතිපත්තිය මෙය බවත් එම ප්‍රතිපත්තිය සමග ඉඳීම හෝ නොඉදිම යන කාරණය ඒ ඒ පුද්ගලයන්ට තීන්දු කළ හැකි බව විපක්ෂනායකවරයා සඳහන් කළේය.
ඒ මහතා මේ බව කියා සිටියේ ස්ගිරි මහනායක හිමියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. ‘වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය නිර්මාණය වුණේ කොහොමද කියලා අපි බලන්න ඕන.හැට නව ලක්ෂයක් වූ ජනතාවගේ කැමැත්තෙන් ජනපතිවරයෙක් පත්වුණා.
දෙදහස් විස්ස මහ මැතිවරණයේ දී එකසිය හතළිහකට වැඩි මන්ත්‍රි සංඛ්‍යාවක් මේ ආණ්ඩුවට ලබා දුන්නා.ඉන්පසු සුපුරුදු පරිදි වරදාන,ප්‍රතිලාභ හා වරප්‍රසාදවලට යටවූ කණ්ඩායමක් නිර්මාණය කරගෙන ඔවුන්ගේ සහයෙන් සුපුරුදු ලෙස තුනෙන් දෙකක සුපිරි බලයක් ලබා ගත්තා.අපට ජනවරම තිබෙන්නේ විපක්ෂයේ කාර්යභාරය කරන්නයි.
කිසිම අවස්ථාවක ජනවරමක් නැතුව සමගි ජනබලවේගය හෝ සමගි සන්ධානය ආණ්ඩු කරණයට යන්නේ නැහැ. මේක දේශපාලන සංගීත පුටු තරගයක් නොවෙයි.
ඔයා මගේ ඇඳුම අඳින්න, මම ඔයාගේ ඇඳුම අඳින්නම්. ඔයා මගේ තනතුර ගන්න මම ඔයාගේ තනතුර ගන්නම්. අහවලා ජනපති වෙන්න, මම අගමැති වෙන්නම්.
මෙයාලා තමයි ඇමැතිවරු වෙන්නේ, කියලා ආණ්ඩු පිහිටුවන්න අපි සූදානම් නැහැ. විශ්වාස භංගයක්,දෝෂාභියෝගයක් කියන්නේ එකක්.ආණ්ඩු බිහිකරනවා කියන්නේ තවත් එකක්. වගකීම් බාර ගන්න සූදානම්.
නමුත් මන්ත්‍රී මණ්ඩල ඇතුළේ කරන සූදුවලින් මේක කරන්න අපි සූදානම් නැහැ.ඩීල් වලින් නොව මහජන වරමින් අපි රට බාරගන්න සූදානම්.ජනතාවට ප්‍රශ්න තිබෙනවා කියලා ඇමැතිවරු ඩීල් දැමීම හරිද?අන්තර්කාලීන ආණ්ඩුවලින් හොරු අල්ලන්න පුළුවන්ද?’
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |