සජිත් ආපු ගමන් කරන දේ මෙන්න...පළවෙනි පොරොන්දු දෙයි.
සජිත්ගෙන් පොරොන්දුවක් සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පළමු කාර්යය වනුයේ පළිගැනීම්වලට ලක්වූවන්ට මාස 06ක් තුළ සහන ලබාදීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කොළඹ පැවති දේශපාලන පළිගැනීම් පිළිබඳ මහා සමුළුව අමතමින් ඔහු ප්‍රකාශ කළේ, සොරුන් සමග එක්ව ආණ්ඩු කිරීම සූදානමක් නොමැති බවයි.
“94 ඉදලා මේ දක්වා පළිගැනීම්වලට ලක් වු විශාල පිරිසක් සිටිනවා.
සමගි ජන බලවේග, සමගි ජන සන්ධාන රජයක් තුළ අපේ ආණ්ඩුවේ පළමුවැනි කර්තව්‍ය වන්නේ මාස 6ක් ඇතුළත පළිගැනීම්වලට ලක්වුණ අයට ඒ සහන ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමයි.
දස දහස් ගණනක් ඉන්නවා පළිගැනීම්වලට ලක් වුණ අය. නිර්ව්‍යාජව පිරිසිදුව සැබෑ ලෙස පළිගැනීම්වලට ලක් වුණ අය ලියාපදිංචිකර ගන්න ඕනේ.
පළිගැනීම් ලැයිස්තු ඒ දවස්වල හදනකොට අඩුපාඩුකම් රාශියක් තිබුණා.
මම යෝජනා කරනවා ඒ හැම අඩුපාඩුකමක්ම හඳුනාගෙන, අඩුපාඩුකම රහිතව මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න.
විශේෂයෙන්ම අපේ අරමුණ ස්වාධීන රාජ්‍ය සේවාවක් ක්‍රියාත්මක කර ශක්තිමත් කිරීමයි.
රාජ්‍ය සේවකයා සත්‍ය වශයෙන්ම දේශපාලන බලපෑම්වලින් තොර විය යුතුයි.
අනිවාර්යයෙන්ම පළවැනි මාස 6 තුළ පළිගැනීම්වලට ලක් වුණ සියලුම දෙනාට සාධාරණත්වය ඇති කිරීම අපි පටන්ගන්නවා පටන්ගන්වාමයි.”
මේ අතර සමගි ජන බලවේගය පක්ෂය සංවිධානය කරන “සමගි පා ගමන” අද (26) පෙරවරුවේ මහනුවරින් ආරම්භ වනවා.
එය මැයි 01 වනදා කොළඹ දක්වා ගමන් කිරීමට නියමිත බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |