මොන වැඩේ තිබුනත් මම හැමදාම විනාඩි 40ක් ව්‍යායාම කරනවා, ඉතින් මම දැන් ඉස්සරට වඩා ගොඩක් ලස්සනයි-සජී මොහොට්ටිගේ (PHOTOS )

Sri Lanka Sri Lanka Social Media
By Sithumi Feb 28, 2023 04:27 PM GMT
Report

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ‘හීනයකි මේ ආදරේ’ ටෙලි නාට්‍යය හරහා රංගන ශිල්පිනියක් ලෙසින් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර කළා ශිල්පිනියක් තමයි සජී මොහොට්ටිගේ කියලා කියන්නේ.

ඒ වගේම ඇය නිවේදිකාවක් විදිහට අපේ රටේ අතිශය ජනප්‍රිය බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් මියුසික් වීඩියෝ හරහාත් නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය රඟපාන්න ආස නිසා රංගන ක්ෂේත්‍රයට ආවට නිවේදන කටයුතු පැත්තකින් තියලා නම් නැහැ කියලයි ඇය කියන්නේ. හැබැයි ඇය මේ දවස්වල ගොඩක් ආසාවෙන් වගේම සතුටින්ම කරන දේ තමයිලු රඟපෑම කියන්නෙ.

ඒ වගේම කලින් ඉඳලම ගොඩක්දෙනා ඇයගෙන් අහපු දෙයක් තමයිලු ඇයි ඇය රංගන ක්ෂේත්‍රයට එන්නෙ නැත්තෙ කියලා. ඉතින් ඒ නිසාම ඇය නිළියක් වෙලා රඟපානකන් බලාගෙන හිටපු හැමෝගෙන්ම මේ දවස්වල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇයට ගොඩක් සතුටුයිලු ඒ විදිහෙ ප්‍රතිචාර ලැබෙන එක ගැන. කොහොම නමුත් නිවේදන කටයුතු තමයිලු ඇයගේ අංක එක. ඉතින් මේ වෙද්දි ඇයට තවත් ටෙලි නාට්‍යයවලට ආරාධනා ලැබුනත් නිවේදන කටයුතු එක්ක සමබර කරගෙන රංගන කටයුතු කරන්න ඕන නිසා ඒ ආරාධනාවලට තාම උත්තර දුන්නෙ නැහැ කියලත් සජී කියනවා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery