මේ දවස්වල වැස්සේ වාහනය පදිද්දී බලාගෙන.

Sri Lanka Climate Change
By Wayomi May 31, 2022 04:06 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ගොඩක් පැතිවලට මේ දිනවල හරියට වැස්ස. වැස්ස කියන්නෙම වැඩිපුර වාහන අනතරු සිදු වන කාලයක්. වැස්සේ වාහනය පදවද්දී ගොඩක් පරිස්සමෙන්. වැස්ස නිසා මාර්ගය සහ ටයර් අතර ඝර්ෂණය වෙනස් වන නිසා වාහනය හැසිරෙන ආකාරය වෙනස් වෙනවා.ඒ නිසා මේ දින වල වැස්සේ වාහනය ධාවනය කරද්දී මේ කරුණු ගැනත් සැලකිලිමත් වීමට වග බලාගන්න.

🚗 ගමනක් යන්න කලින් වාහනයේ මේ දේවල් චෙක් කරගන්න

වාහනේ හෙඩ් ලයිට්, ටේල් ලයිට්, වයිපර් වගේම ටයර් කට්ටත් පරීක්ෂා කරන්න. ටයර් ගෙවිල නම් වාහනේ වැස්ස වෙලාවක ලිස්සන්න පුළුවන්. මොකද ජලය සමඟ මාර්ගයේ තිබෙන තෙල් සහ අපද්‍රව්‍ය මගින් ලිහිසි පෘෂ්ඨයක් සෑදෙන නිසා. ඒ වගේම 50kmph වේගයට වඩා වැඩි වේගයෙන් යනකොට මේ අවදානම ඉතාම වැඩියි.

🚗 අධික වැස්සේ රිය පැදවීම අවම පුළුවන් තරම් අවම කරන්න. විශේෂයෙන්ම දුරගමන් සහ කදු සහිත ප්‍රදේශ වල ගමන් කිරීම.

🚗 වහින වෙලාවට වේගය කියන්නේ ඉතාම අති-අවදානම් ක්‍රියාවක්. මාරුවට අත වනනවා වගේ වැඩක්. ඒ නිසා අඩු වේග සීමාවකින් ධාවනය කරන්න. විශේෂයෙන්ම ගමන පරක්කු වුණා කියලා හෝ අනෙක් වාහනයක් සමඟ හෝ රේස් යන්න තියාගන්න එපා.

🚗 පොඩි වැස්සකදී වුණත් වයිපර් එක භාවිතා කරන්න. මොකද ඉදිරියෙන් යන වාහන වලින් නිකුත් වන ජලය සියුම් පටලයක් ඔබේ වීදුරුව මත බැඳෙන්න පුළුවන්. එවිට ඔබට මාර්ගය පෙනීම අඩු වෙනවා. ඒ නිසා යනගමන් නිතර නිතර වීදුරුව පිසදමන්න අමතක කරන්න එපා.

🚗 වැස්සක වාහනය පදින වෙලාවක A/C පාවිච්චි කරන හොඳයි, මොකද වාහනය අවට වාතය සිසිල් වෙද්දී වාහනයේ වීදුරු විවෘත වෙලා නැත්නම් mist එක වීදුරුව ඇතුලෙන් බැඳෙන්න පුළුවන්. එහෙම වෙන්නේ අපේ ප්‍රාශ්වාස වාතය එක්ක පිටවෙන ජල වාෂ්ප වලින් වාහනේ ඇතුලත ආර්ධතාවය වැඩිවෙන නිසා, A/C පාවිච්චි කිරීමෙන් එය පාලනය කරගන්න පුළුවන්.

🚗 ඉදිරියෙන් යන වාහනෙත් එක්ක නිසි ඉඩක් තබාගන්න, මොකද පාරේ වතුර පිරුන තැන් වල වලවල් තිබුණොත් ඉදිරියේ තියෙන වාහනය අනපේක්ෂිත විදිහට නතර වෙන්න පුළුවන්.

🚗 වතුරෙන් යට උන තැනක ගැඹුර හරියට නොදැන ඔබ වාහනය අරන් යන්න එපා. මොකද දුම් බටය තුලින් වාහනය ඇතුලට වතුර ආවොත් ඔබේ වාහනයේ එන්ජිම ක්ෂණිකව අක්‍රිය වෙනවා.බැරිවෙලාවත් වතුරෙන් යට වෙච්ච පාලමක් වගේ තැනකින් ඔබ යනවා නම් වාහනය ජලයේ පාවෙන්න, ගසාගෙන යන්න පුළුවනි.