"..මම ඉස්කෝලේ යනකාලේ පාන් ගේන්න ගියාම කඩේ මුදලාලී කියනවා ඔන්න අදත් මූසලයා එනවා කියලා.." සදුන් පෙරේරා - (PHOTOS)

Sri Lanka Gossip Today
By Sewvandhi Nov 11, 2022 03:37 PM GMT
Report

කලා ක්ෂේත්‍රය තුළ මේ වන විට ඉතාමත් ජනප්‍රිය චරිතයක් ලෙස ගායන ශිල්පී සඳුන් පෙරේරා හඳුන්වා දෙන්න පුළුවන් . ඔහුගේ ගීත අතර  අමුතුම මලක්, ආයෙත් වරක්, පූජා කරන්නම්, දුක දැනෙන්න එපා, තනිවෙන්න එපා වැනි ගීත ඉතාමත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්තා.

රසික ආදරය බෙහෙවින්ම දිනා ගත්ත ජනප්‍රිය ගායකයා ගායනා කරන ගීත අතර මේ දිනවල ඔහුගේ ගීත අතර හැමෝම මුමුණන ගීතයක් විදියට ‘ඔබ මගෙ හදවතේ පැළදුවා’ ගීතය පෙන්වා දෙන්න පුලුවන්. මේ විදියට ගීත ගණනාවක් හරහා ඔහුට ආදරය කරන රසික ජනතාව වෙත ගීත ගායනා කරන සදුන් පෙරේරා ඔහුගේ අතීතය ගැන මේ විදියට මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණා.

” ඉස්සර මම ඉස්කෝලෙ යනකාලේ අපේ අම්මා උදේට බත් උයනකම් මම යනවා කඩේට පාන් ගේන්න. ගොඩක් දුරයි මම යන කඩේට. ඉතින් අපි බඩු ගන්නේ කාඩ් එකට. මම පාන් කෑල්ලක් ගන්න යන්නේ. එතකොට මම එනවා දකිද්දී කඩේ මුදලාලී කියනවා අන්න අදත් මූසලයා එනවා කියලා. ඉතින් මම යාලුවෙක්ගෙන් හරි රුපියල් 10ක් අරන් ගිහින් ටොපියක් හරි අරන් ඊට පස්සේ කාඩ් එක දුන්නම මම අහනවා මාමේ අද මම මූසල නෑ නේද කියලා.

අපේ අම්මා දන්නෙ නෑ මට එහෙම කියනවා කියලා. දවසක් අපි කඩේ ණය ගෙවන්නැතුව ඉදලා අම්මට හොදටම බැනලා තිබුණා. එදා මට ආපු කේන්තියට මම හිතා ගත්තා මම රටේ වෙන්න පුලුවන් ලොකුම තැනට ගිහින් මගේම වාහනයකින් අපේ අම්මව දාගෙන ගිහිල්ල ඒ ගොල්ලොන්ට පෙන්නනවා කියලා. අද ඒ මිනිස්සු මම දකිද්දි අඩනවා. ඔහොම මිනිස්සුත් ඉන්නවා ලංකාවේ.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery