හෙට පැවැත්වෙන ක්‍රිකට් තරගයේ විස්තර..

University of Peradeniya Sri Lanka Accident
By Sithumi Nov 12, 2022 05:17 PM GMT
Report

පාකිස්තානය සහ එංගලන්තය අතර හෙට (13) පැවැත්වෙන 20 -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ අමතර කාලය වැඩිකිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. 

ඔස්ට්‍රේලියානු කාලගුණික වාර්තාවල දැක්වෙන ආකාරයට අවසන් තරගය පැවැත්වෙන හෙට දිනයේ මෙල්බර්න් නුවරට වැසි ඇතිවීමේ සම්භාවිතාව 100% ක් වනවා. 

 අවසන් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් පසුදින එනම් සඳුදා අතිරේක දිනයක් ලෙස නම් කර ඇති අතර එදිනද වර්ෂාව ඇතිවීමේ සම්භාවිතාව ඉහළ ප්‍රතිශතකයක පවතින අතර එදිනට ලබාදෙන අමතර කාලය පැය 4 දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

අවසන් තරගයේදී අවම වශයෙක් කණ්ඩායම් දෙකම පන්දුවාර 10 බැගින් ක්‍රීඩා කළ යුතු අතර අවසන් මහා තරගය පැවැත්වෙන හෙට දිනයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී අතරමඟ නතර කළහොත් එතැන් සිට පසුදින තරගය ආරම්භ කිරීමට නියමිතයි.

අතිරේක දිනයේද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් එංගලන්තය සහ පාකිස්තානය T 20 ලෝක කුසලානයේ සම ශූරයින් ලෙස නම් කරනු ඇත.  එමෙන්ම, මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ පාකිස්තාන සහ එංගලන්ත පිලේ නායකයින් දෙපළ ශූරයින්ට පිරිනැමෙන කුසලානය සමග අද මෙල්බර්න් ක්‍රීඩාංගණයේ වහලය නිල ඡායාරූපයකට පෙනී සිටියා 

Gallery