මෙරට සරසවියක රෑ 9.00 සිට කුණුහරුප සම්මන්ත්‍රණ පවත්වලා..යන්නැති සිසු සිසුවියන්ට කරපු වැඩේ මෙන්න..

Ministry of Education Sabaragamuwa University Sri Lanka
By Aruna Nov 24, 2022 04:38 AM GMT
Report

චෝදනාවට ලක්වන සිසුන්ගේ පන්ති තහනම් සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් සංවිධානය කළ අසභ්‍ය වචන සම්මන්ත්‍රණයට සහභාගි නොවූ නවක සිසුන්ට එල්ලවන පීඩනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

පසුගිය සතිය පුරාම රාත්‍රි කාලයේදී ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන් මෙම සම්මන්ත්‍රණයට කැඳවා තිබේ.

අවසන් වරට කැඳවා ඇත්තේ පසුගිය 21 වැනි දින රාත්‍රි 9.00ට පමණය.

එම සම්මන්ත්‍රණයට සහභාගි නොවූ සිසුන්ට රාත්‍රි කාලයේදී නේවාසිකාගාරයට පැමිණෙන ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් විසින් නවක සිසුන්ට පහර දෙන බවද වාර්තා වී ඇත.

එසේ පහරදීම්වලින් අනතුරුව එම නවක සිසුන් කොන්කිරීම හෙවත් අල කරන බවද පැවසේ.

විශ්වවිද්‍යාල භූමියේ මෙම අසභ්‍ය වචන සම්මන්ත්‍රණය පැවැත්වීමට වෙනම ස්ථාන කිහිපයක් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් සකසා ඇති බවද වාර්තා වෙයි.

සියලුම පීඨවලට ඇතුළත්ව සිටින නවක සිසුන් මෙලෙස ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ හිරිහැරයට ලක්ව ඇති බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් සබරගමු විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උදය රත්නායක මහතාගෙන් විමසුවෙමු.

‘‘මේ ගැන පැමිණිලි කිහිපයක් ලැබී තිබෙනවා. ලැබී තිබූ පැමිණිලිවලට අදාළ විමර්ශන සිදුකර චෝදනාවට ලක්වන සිසුන්ගේ පන්ති තහනම් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

දරුවන් ද මේවා නැවැත්වීමට සහයෝගය ලබා දිය යුතුයි. නාමිකව හෝ නිර්ණාමිකව විස්තර සහිතව දැනුම් දිය යුතුයි.

මේ වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ආරක්ෂාව යොදවල තිබෙනවා.

නවකවද සම්බන්ධයෙන් සෙවීමට කණ්ඩායමක් ද යොදවල තිබෙනවා යැයි උප කුලපතිවරයා කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now