තවත් පළාතක ප්‍රශ්න පත්‍රයක් සමාජ මාධ්‍යයේ?.

Ministry of Education Sabaragamuwa Province Sri Lankan Schools Education School Incident
By krishani Mar 02, 2024 06:08 PM GMT
Report

එළැඹෙන සතිය තුළ සබරගමුව පළාත් පාසල් වර්ෂ අවසාන වාර විභාගය පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පළාතක ප්‍රශ්න පත්‍රයක් සමාජ මාධ්‍යයේ?. | Sabaragamuwa Provincial School Year Final Exam

එහි ප්‍රශ්න පත්‍රයක් ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.

ලංකා ගුරු සංගමය සඳහන් කළේ සබරගමුව පළාතේ පාසල්වල ලබන සඳුදා පැවැත්වීමට නියමිත 10 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාව විෂය ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතින බව ය.

මේ අතර, බස්නාහිර පළාත් වාර විභාගයක පිළිතුරු පත්‍රයක් ද එලෙස සමාජ මාධ්‍යට එක්කර ඇති බවට තොරතුරු වාර්තා විය.

ජාතික විභාග මෙන්ම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් පවත්වන පාසල් වාර විභාග කිහිපයකම ප්‍රශ්න පත්‍ර විභාගයට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය වෙත නිකුත් වීමේ සිදුවීම් වාර්තා විය.

2023 වසර සඳහා වන වර්ෂ අවසාන ඇගයීම් විභාගයේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන 10 සහ 11 ශ්‍රේණිවල විද්‍යාව සහ ඉතිහාසය විෂය ප්‍රශ්න පත්‍ර පෙරදින රාත්‍රියේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණේ ය.

කෙසේ වෙතත්, මෙවන් පසුබිමක එළැඹෙන අඟහරුවාදා බස්නාහිර පළාතේ පාසල්වල 11 ශ්‍රේණියේ සිසුන්ට පැවැත්වීමට නියමිත ගණිතය ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු පත්‍ර ලේඛණය බවට පැවසෙන ලේඛණයක් ද මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව වාර්තා විය.