"දේශපාලකයින්ගේ පුත්තු මෙහෙම පිස්සු කෙළියාම සංචාරකයෝ එනව ද?.. " - යාල සිදුවීම ගැන ප්‍රබල හෙළිදරව්වක්.. (VIDEO)

Sri Lanka
By krishani Oct 26, 2022 09:40 AM GMT
Report

යාල වනෝද්‍යානයේ සතුන්ට හිංසාවන අයුරින් හැසිරීමේ සිද්ධියට අදාළව අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇත.

මේ අතර එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 9 දෙනෙකු සහ ඔවුන් පැමිණි මෝටර් රථ 6ක් වනජිවි භාරයට ගෙන ඇත.

ඒ අනුව එම පුද්ගලයින් සහ මෝටර් රථ අද දින තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

කෙසේවෙතත් අද (26) දින මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් මරික්කාර් මහතා ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයෙකුගේ පුතෙකු ඊට සම්බන්ධ වි ඇති ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කළ ප්‍රබල හෙළිදරව්ව පහතින් නරඹන්න,