ලබන වසරේ මෙරට සිදුවන විශේෂම දෙයක්.. සබජෙන් හෙළි කරයි..

By Sithumi Nov 12, 2022 04:32 PM GMT
Report

ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවන බව සමගි ජන බලවේගය පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත ණය මුදල කඩිනමින් ශ්‍රී ලංකාවට නොලැබුණහොත් ලබන වසරේ කිසිදු රටකින් මූල්‍ය ආධාර නොලැබෙන බවයි සමගි ජන බල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන හේවාහැටදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ.

සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගැනීමෙන් සමගි ජන බලවේගය දුර්වල කළ නොහැකි බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.