රුසියාවෙන් දැවැන්ත ප්‍රහාරයක්..ඇඳිරිනීතියත් පනවයි..
Vladimir Putin
Russo-Ukrainian War
Russian Federation
By Aruna
යුක්‍රේනයේ ඛේ(ර්)සන් ප්‍රදේශයට රුසියානු ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පළ කළේ.
ප්‍රහාරයත් සමග ඛේ(ර්)සන් නගරයේ දුම්රිය ස්ථානයක්, නිවසක්, සුපිරි වෙළෙඳසැලක් ඇතුළු දේපළවලට ද හානි සිදුව තිබෙන අතර පසුගිය සිකුරාදා සිට මෙම නගරයට ඇඳිරි නීතිය පනවා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර රුසියානු ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට පල වී ඇති පුවත් අසත්‍යයක් බව යුක්‍රේනය පවසනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |