හඬා වැටෙන රුසියන් සෙබලාගේ වීඩියෝව අන්තර්ජාලය කළඹවයි - කවුරුත් හොයන සංවේදී වීඩියෝව මෙන්න.(VIDEO)

soldier crying video Ukrain russia ukraine war russian
By Sewvandhi Mar 03, 2022 03:49 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

රුසියානු සෙබලුන්ගේ චිත්ත ධෛර්යය දිනෙන් දින බිඳ වැටෙන බව යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි පවසනවා. '

මේ අය සුපිරි බලවතෙකුගේ රණශූරයන් නොවේ, මොවුන් ව්‍යාකූල, බියට පත් දරුවන්': ජනාධිපති සෙලෙන්ස්කි රුසියානු හමුදා භටයින්ගේ චිත්ත ධෛර්යය 'නිරන්තරයෙන් පිරිහෙමින් පවතින' බව සඳහන් කරමින් කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුක්‍රේන නායකයා කියා සිටියේ රුසියාව විසින් වසර ගණනාවක් ලියා සැලසුම් කළ ඔවුන්ගේ සියලු සැලසුම් සතියක් තුළ දී බිඳ දැමීමට යුක්‍රේනයේ වැසියන් ජාතියක් ලෙස සමත් වූ බවයි.

ඒ සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව සිය රට වැසියන්ට ලබාදෙන බවත් ඔහු සඳහන් කළා. රුසියානු හමුදාවන්ගේ ඉදිරි ගමනට ප්‍රතිරෝධය දැක්වූ නගරවල වීරෝධාර නිවැසියන් තමා අවංකවම අගය කරන බවත් ජනාධිපතිවරයා පැවසුවා.

මෙම ආක්‍රමණය ආරම්භයේ සිට මේ වන විට රුසියානු සොල්දාදුවන් 9,000 ක් පමණ මිය ගොස් ඇති බවත් ඔහු කියා සිටියා. යුක්‍රේන ආක්‍රමණය ආරම්භ වූ දා සිට ජනාධිපති සෙලෙන්ස්කි දුන් නායකත්වය යුක්රේනියානුවන්ගේ සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ අතිශය ප්‍රශංසාවට ලක් වූනා.

මේ අතර යුක්රේනියානුවන්ට යටත් වූ රුසියානු සොල්දාදුවෙකු තම මව සමඟ දුරකථනයෙන් කතා කරන විට කඳුළු සලමින් සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස ප්‍රචාරය වුණා.

එම දර්ශනවල දැක්වෙන්නේ පුටින්ගේ හමුදාවේ තරුණ සටන්කරුවෙකු තම ආයුධය බිම හෙළීමෙන් පසු කාන්තාවන් පිරිසක් විසින් සනසන ආකාරය සහ තවත් කාන්තාවක් ඔහුට සිය දුරකථනය ඔස්සේ ඔහුගේ මවට කතා කිරීමට අවස්ථාව සලසා දෙන ආකාරයයි.

මෙහිදී තරුණ යුද සිරකරුවා සංවේදී වෙමින් කඳුළු සලන අයුරුත් එම වීඩියෝ පටය සටහන් වී තිබුණා. එමෙන්ම එම තරුණ සොල්දාදුවා සිය මව ඇමතීමෙන් අනතුරුව ඇමතුම් ලබා දුන් කාන්තාව සොල්දාදුවාගේ මවට කතා කරමින් කියා සිටියේ ඇයගේ පුතා නිරෝගීමත්ව හොඳින් සිටින බවයි. 

 මෙලෙසින් බොහෝ විඩාපත් සහ අධෛර්යමත් වූ රුසියානු හමුදා භටයින් සටනින් පලා යමින් හෝ යුක්රේනයට යටත් වන බව වාර්තා වනවා. මේ අතර රුසියානු හමුදාවන්ට ආහාර සහ ඉන්ධන හිඟ වීමට පටන්ගෙන ඇති අතර ඇතැම් රුසියානු හමුදා භටයන් මංකොල්ලකෑම්වලට පවා යොමු ව ඇති අතර තවත් සමහරු සටනෙන් මිදීමේ උත්සාහයෙන් තමන්ගේම හමුදා උපකරණ කඩා බිඳ දමන බවත් වාර්තා වනවා.

මේ අතර මේ වන විට අල්ලා ගත් යුද සිරකරුවන් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා රුසියානු මව්වරුන්ට යුක්‍රේනය විසින් සෘජු දුරකථන අංකයක් ලබා දී තිබෙනවා. ඊටත් අමතරව තමන්ගේ දරුවා යුක්රේනයේ යුද සිරකරුවෙකු ලෙස සිටින බව දන්නේ නම් පැමිණ ඔවුන් රැගෙන යාහැකි බවත් ඔවුන් දැනුම් දී තිබෙනවා.

යුක්රේනය ගත් මෙම ක්‍රියාමාර්ගය රුසියානු යුධ හමුදා සෙබළුන් සහ මොස්කව් පාලනය ද දැඩි ලෙස අපහසුතාවයට පත් කරන ලද තීරණයක් ලෙසයි ජාත්‍යන්තර යුද විශ්ලේෂකයින් හඳුන්වා දෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now