දේශපාලන ලොව කළඹවමින් විපක්ෂ නායකවරයෙක් හදිසියේම ජීවිතක්ෂයට

By Sewvandhi Feb 16, 2024 12:54 PM GMT
Report

සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔහුව රඳවා සිටියේ "Yamalo-Nenets" ප්‍රදේශයේ පිහිටි සිර කඳවුරක ය.

රුසියානු මාධ්‍ය සඳහන් කරන්නේ ශාරීරික සුවතාවය සඳහා ඇවිදිමින් සිටින අතර ඔහු අසනීප වී ඇති බවයි.

පසුව ක්ලාන්ත වී ඇති ඔහු ඊට සුළු වේලාවකට පසුව මියගොස් තිබුණි. මියයන විට ඔහු 47 වන වියේ පසුවුණි.