රුසියාව ලංකාවෙන් බලාපොරොත්තු වන දෙයක් ගැන හිටපු ජනපතිට දන්වයි..

Gotabaya Rajapaksa Maithripala Sirisena Sri Lanka Russian Federation
By Aruna Jun 09, 2022 11:24 PM GMT
Report

එරොෆ්ලොට් ගුවන් සේවා යලි මෙරට ඇරඹීමට කටයුතු සලසන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනපති ව්ලදිමීර් පුටින් ට කල ලිඛිත ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රුසියානු තානාපති වරයා ඊයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

එහිදී දෙදෙනා සුහද සාකච්ඡාවක නිරතවී ඇති අතර මූලිකඅවධානයට යොමු වී ඇත්තේ පසුගිය සතියේ දී ආන්දෝලනාත්මක සිදුවීමක් වූ රුසියානු ගුවන් යානාව පිළිබද ගැටලුවයි.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති වරයා එහිදී හිටපු ජනාධිපතිවරයාට පවසා ඇත්තේ රුසියාව නැවතත් සිය ගුවන් ගමන් ශ්‍රී ලංකාව සමඟ ආරම්භ කිරීමට කැමැත්තෙන් පසුවන බවය.

කෙසේවෙතත් එයට ශ්‍රී ලංකා රජයෙන් සහතිකයක් ලබා දිය යුතු බවද තානාපතිවරයා පවසා තිබේ. ඒ පිළිබඳව රජය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙක් සහ රුසියානු ජනාධිපතිවරයෙක් ඉතා සමීපව ම ඇසුරු කළ යුගය හිටපු ජනාධිපතිවරයා ගේ යුගය බවද රුසියානු තානාපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now