මිසයිල 13ක් එක රැයකින් බිම හෙලූ යුක්රේනය..

Russo-Ukrainian War Ukraine Russia
By Sithumi Jun 23, 2023 11:20 AM GMT
Report

යුක්‍රේනය අද (23) රුසියානු හමුදා විසින් එක රැයකදී එල්ල කළ කෲස් මිසයිල 13 ක් බිම හෙළූ බව ප්‍රකාශ කළා

මෙම ප්‍රහාර එල්ල කර තිබුණේ යුක්‍රේනයට බටහිර දෙසින් පිහිටි Khmelnytskyi කලාපයේ හමුදා ගුවන් තොටුපළක් ඉලක්ක කර ගනිමිනුයි

ඒ අනුව මෙම මිසයිල දියත් කිරීම් මධ්‍යම රාත්‍රියේදී කැස්පියන් මුහුදේ සිට Tu-95MS බෝම්බ හෙලන යානා හතරකින් සිදු කර ඇති බව සඳහන්

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියාව ශීත ඍතුවේ දී කෲස් මිසයිල සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා සමඟ ගුවන් ප්‍රහාර දියත් කළ අතර, කියෙව් සිය ගුවන් ආරක්ෂක පද්ධති ශක්තිමත් කරන ලෙස තම බටහිර මිත්‍ර පාර්ශ්වවලින් ආයාචනා කළ බවයි.