යුක්‍රේනය සම්බන්ධයෙන් බටහිර රටවල් ගත් විශේෂ තීරණය

By Sewvandhi Jan 07, 2023 10:00 AM GMT
Report

යුක්‍රේනයට සන්නද්ධ සටන් වාහන යැවීම සඳහා ජර්මනිය සහ එක්සත් ජනපදය ප්‍රංශය සමඟ එක්වීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මාස ගණනාවක් තිස්සේ යුක්‍රේනය බටහිර රටවල නායකයින්ගෙන් යුද ටැංකි සපයන ලෙස ඉල්ලා සිටි අබවයි විදෙස් මාධ්‍ය පවසන්නේ එමෙන්ම මෙය විශිෂ්ට ජයග්‍රහණයක් බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

කියෙව් වෙත ආයුධ බෙදා හැරීම වැඩි කිරීම සම්බන්ධයෙන් ජර්මනිය දිගු කලක් පසුබට වී ඇති අතර, යුද ටැංකි යුක්‍රේනයට යවන බව ප්‍රංශයේ එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කිරීමෙන් පසුව, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ද සන්නද්ධ සටන් වාහන යවන බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා