රුසියාවෙන් යුක්රේනයේ නගර කිහිපයකට මිසයිල ප්‍රහාරයක්..

United Russia Russo-Ukrainian War Ukraine
By krishani Apr 28, 2023 07:18 AM GMT
krishani

krishani

in ලෝකය
Report

රුසියාව විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරවලින් කියෙව් අගනුවර ඇතුළු යුක්‍රේන නගර කිහිපයකටම හානි සිදු වී තිබෙනවා.

ප්‍රහාරයෙන් ඩිනිප්‍රෝ නගරයේ කාන්තාවකට සහ දරුවන් තිදෙනෙකුට ජිවිත අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නව මහල් නිවාසයකට හානි සිදුවී ඇති අතර මිසයිල 11ක් සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා දෙකක් යුක්‍රේන ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් බිම හෙළා ඇත.

කෙසේවෙතත්, දින 51කින් පසුව අගනුවරට එල්ල වූ පළමු රුසියානු මිසයිල ප්‍රහාරය මෙය බව Kyiv නගරයේ හමුදා පරිපාලනයේ ප්‍රධානියා සඳහන් කර ඇත.

සිවිල් වැසියන්ගේ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය නිසා පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join