රුසියාවෙන් රුසියාවටම ප්‍රහාරයක්.

United Russia Russo-Ukrainian War
By krishani Apr 21, 2023 06:44 AM GMT
krishani

krishani

in ලෝකය
Report

අත්වැරදීමකින් රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි තම රටට අයත් නගරයකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව රුසියාව පවසයි.

ඒ බෙල්ගොරොඩ් නගරයට ඊයේ(20) රාත්‍රී කාලයේ එම බෝම්බ ප්‍රහාර එල්ල වී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කර ඇත.

ප්‍රහාරයෙන් එම නගර මධ්‍යයේ මීටර් 20ක පමණ පළලින් ආවාටයක් ද නිර්මාණය වී ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

පුද්ගලයින් 370,000ක් පමණ වෙසෙන බෙල්ගොරොඩ් නගරය යුක්‍රේන දේශසිමාවේ සිට කිලෝමීටර් 40ක පමණ දුරකින් පිහිටා ඇත.

යුක්‍රේනය වෙත යොමු කෙරෙන රුසියානු ප්‍රහාරක ජෙට් යානාවල ගමන් මාර්ගය එම නගරය ආශ්‍රිත ගුවන් කලාපය හරහා වැටී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join