මන් ආදරේ කරන්නේ මල්ලි කෙනෙක්ට එත් එයාලගේ ගෙදරින් මට කැමති නෑ.රුක්ෂානා දිසානායක (PHOTOS))

By Sithumi Apr 24, 2022 06:45 PM GMT
Report

. රුක්ෂානා දිසානායක කියලා කියන්නේ ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත්ව සිටින රංගන ශිල්පිනියකි.

රුක්ෂානා දස්කම් පාන්නේ රංගනයට විතරක් නම් නෙවෙයි ඇය නර්තනයටත් ඉතාමත්ම දක්ෂ තරුණියකි. ඒ වගේම රුක්ෂානා විවිධ අවස්ථාවන්වලදී අපිට නිරූපන ක්ශේත්‍රය තුළත් දක්නට ලැබෙනවා. ඉතින් මේ රුක්ෂානා දිසානායක රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කිසිම දැනුමක් නම් නැතුව නෙවෙයි.

ඇය සෞන්දර්ය කලා උපාධිධාරිනියක්ද වෙනවා. ඒ වගේම නර්තනය ඔස්සේද සිය ගමන යන ඇය මේ වෙනකොට නර්තන කණ්ඩායමක හිමිකාරියක්ද වීමට තරම් ඇය වාසනාවන්ත වෙලා තියෙනවා. හිටි හැටියේම “නීල පබළු” සහ “කොලඹ ඉතාලිය” ටෙලි නාට්‍යයන් හරහා පමණක් තම රංගන දස්කම් දක්වන මේ සුන්දර රංගන ශිල්පිනිය වෙන කවුරුත් නෙවෙයි, ඒ රුක්ෂානා දිසානායක යි.

ඉතින් රුක්ෂානා කියන්නේ මෙන්න මේ වගේ කථාවක්. “මේ දවස්වල මට ටිකක් වැඩ අඩුයි. අලුත් අයත් ක්ෂේත්‍රයට එනවා. දැන් ගොඩක්ම අධ්‍යක්ෂවරු කැමති එකම මුහුණු දකිනවාට වඩා නවකයින් එක්ක කටයුතු කරන්නටයි.අපි එක දිගටම චරිත කරලා අපේ මුහුණු නිතරම දැකලා නරඹන්නන්ට අපිව හොඳට පුරුදුයි.

ඒකෙන් මිදිලා අලුත් අය ක්ෂේත්‍රයට එනකොට ඒ චරිතවලට බොහොම ආසයි.එතකොට ඒ චරිත නිර්මාණය කරන්න අධ්‍යක්ෂවරුන්ටත් හරි ලේසියි. නමුත් එකදිගටම වැඩ හම්බෙන අයත් ඉන්නවා. ඒකට වාසනාව දක්ෂතාවය තියෙන්න ඕනේ.ඉතින් ඒ දෙකම මට උපරිමයෙන්ම නැහැ කියලා හිතෙනවා. ඇත්තටම මම එහෙම ලොකු වාසනාවන්තියක් නෙවෙයි.

සාමාන්‍යයෙන් ජීවිතයේ දී මට කිසිම දෙයක් වාසනාවට ලැබිලා නෑ.බොහොම දුක් විඳලා මහන්සියෙන් තමයි මට හැමදෙයක්ම ලබාගන්න පුලුවන් වුණේ” කියලා. රුක්ෂානාට ආදරණීය බාල සහෝදරයෙක් පමණක් සිටින අතර, පියා මුස්ලිම් ජාතිකයෙකු වනවා.පියා නම් මුලින් රුක්ෂානා රඟපානව අකමැති වෙලා තියෙනවා. ඒ ඔහුගේ සංස්කෘතියේ දේවලුත් එක්කයි. රුක්ෂානාගේ මව තමයි ඇගේ රංගන කටයුතු වලට සහයෝගය දෙන්නේ. 

 පස්සේ පියාත් රුක්ෂානාගේ රඟපෑමට විරුද්ධ වෙලා නෑ. ඉතින් රුක්ෂානාට ඇගේ මවත් පියාත් දෙන්නම කියන්නේ මොන දේ කරත් තමන්ගේ ගෞරවය රැකගන්න කියලයි.ඉතින් විවිධ මුහුණු දකිද්දී ප්‍රේක්ෂකයන්ටත් වෙනසක් නිසා ඒ අය ඒකට කැමතියි කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒ වගේම ඇය ආදරේ කරන කෙනා ඇයට වඩා ටිකක් බාලයිලු. ඉතින් ඒ නිසා ඔහුගේ ගෙදරින් ඔවුන්ගේ සම්බන්දෙට තදින්ම විරුද්ධයිලු

. හැබැයි එයාලගේත් වරදක් කියන්නත් බහ කියලයි ඇය පවසන්නේ. මොකද එක එක අය හිතන විදිය වෙනස් නිසා. හැබැයි ඉස්සරහට මොනවා වෙයිද කියලා කියන්න බැහැලු. ඉතින් ඇය තාම බලාගෙන ඉන්නේ මොකක් හරි හොඳ දෙයක් සිද්දවෙයි කියලාලු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery