හාස්කම් පිරුණුකතරගම දේවාලයේ පඬුරු වලට සිදුවන දේ - බස්නායක නිලමේගෙන් හෙළිදරව්වක්..

Sri Lanka Kataragama Temple Sri Lanka
By Sewvandhi Nov 20, 2022 03:17 PM GMT
Report

  රුහුණු මහා කතරගම දේවාලයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් බැතිමතුන් පූජා කරන පඬුරුවලින් රුපියලක් හෝ නොලැබෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි.

එම පඬුරු සියල්ල කපුමහතුන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදාගන්නා බව බස්නායක නිලමේවරයා චෝදනා කරයි. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා,

"ඉල් මහා පෙරහැර මංගල්‍ය දෙසැම්බර් 07 වෙනිදාට යෙදිලා තබෙනවා. මෙවර විශේෂත්වයක් තිබෙනවා ඇසල පෙරහැර මංගල්‍යය අවස්ථාවේදී කපු මහත්වරු විසින් බස්නායක නිලමේවරයා මාස බෙදලා කපු මහත්තවරුන්ට භාරදීපු ඒ ක්‍රමවේදයට පටහැනිව කපුමහත්වරු විසින් දේවාලයේ යතුර ඔවුන් භාරයේ තබාගෙන තිබෙනවා.

ඒ නිසා මේ වනවිට දේවාලයට බැතිමතුන්‌ගෙන් ලැබෙන පූජා වට්ටියේ තිබෙන පඬුරු මුදල් සියල්ල කපු මත්තවරු ඔවුන්ගේ පුද්ගලික පරිහරණය සඳහා යොදවනවා. මේ වනවිට වැඩිමාස දෙකේ සල්ලිවත්, අනෙක් මාසවල සල්ලිවත් සියල්ල ලැබෙන්නේ නැහැ. පූජා වට්ටියේ තිබෙන බැතිමතුන් තිබෙන සියලුම මුදල් ඒ කපු මහත්තවරුගේ ගෙවල්වලට ගෙනියනවා. ඒ කපු මහත්වරුගේ පුද්ගලික ප්‍රයෝජනය සඳහා.

ඒ වගේම දේවාලයට ලැබෙන රත්‍රං ඇතුළු පූජා භාණ්ඩ දේවලෙයෙන් රිසිට්පතක් කැඩුවේ නැත්නම් ඒ කපුමහත්වරු ගෙදර ගෙනියනවා. හැබැයි විහාර දේවාලගම් පනත අනුව මේ මුදල් පරිහරණය වියයුත්තේ මේ ක්‍රමයට නෙමෙයි. හාර දේවාලගම් පන‌තේ බොහොම පැහැදිලිව තියෙනවා බැතිමතුන්ගෙන් ලැබෙන පුද පඬුරු කොහොමද පරිහරණය කරන් ඕනේ කියලා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now