වසර 8කට පසු අතුරුදන් තරුණයා නිවසින් හමුවෙයි - මවගෙන් දැඩි ලිංගික හිරිහැර
                                    
                    United States of America
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් වසර 08ක් පුරා අතුරදන්ව සිටි තරුණයෙක් සිය නිවසේ සිටියදීම හමු වී ඇති පුවතක් වාර්තා විය. Rudy Farias නම් එම තරුණයා අතුරුදන් වී ඇත්තේ 2015 වසරේ දීය.
අතුරුදන් වන විට 17 වන වියේ පසු වූ Rudy Farias මේ වන විට අවුරුදු 25ක තරුණයෙකි. ඔහුගේ මව විසින් ඔහුව නිවස තුළම සඟවාගෙන සිට ඇති අතර වසරක පමණ කාලයක සිට ඔහුව ලිංගිකව අපයෝජනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ඔහු මේ බව සාමාජ ක්‍රියාකාරියෙකු සමග පැවැත්වු සම්මුඛ සාකච්ඡාවකදී හෙළිකර ඇති අතර මේ වන විට ඔහු එම ප්‍රදේශයේ දේවස්ථානයක නවාතැන්ගෙන සිටින බව සඳහන් වේ.
ඔහු පවසා ඇත්තේ සිය මව විසින් තමන්ගෙන් දෛනික වැඩවලට අමතරව ලිංගිකව ද තමාට වධහිංසා ලබාදුන් බවය.  විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ, ඔහු පොලීසියට මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් මෙතෙක් ලබා දී නොමැති බවයි.
 
                 
                 
                                             
        
     
     
     
     
    