ඇඟිලි සලකුණු සටහන් නොමැතිව රේගු නිලධාරීන්ට රු. බිලියන 1.4කට අධික අතිකාල දීමනා ගෙවලා

Government Of Sri Lanka Bribery Commission Sri Lanka Latest Headlines Sinhala news
By R.rishma Aug 07, 2026 11:17 AM GMT
Report

සේවයට පැමිණීම සහ පිටවීම ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් තහවුරු නොකර ශ්‍රී ලංකා රේගුව විසින් 2025 වසරේදී රේගු නිලධාරීන්ට අතිකාල දීමනා ලෙස රුපියල් බිලියන 1.426කට අධික මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබේ.

විගණන වාර්තාවට අනුව, නිලධාරීන්ගේ පැමිණීම හා පිටවීම විධිමත් ලෙස තහවුරු කර නොගෙන නැව්බඩු පරීක්ෂා කිරීමේ ගාස්තු ලෙස රුපියල් මිලියන 92.02ක් සහ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ගාස්තු ලෙස රුපියල් මිලියන 12.97ක් ද ගෙවා ඇති බව සඳහන් වේ.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව, සියලු රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ පැමිණීම සහ පිටවීම ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයෙන් අනිවාර්යයෙන් සනාථ කළ යුතු වේ.

එමෙන්ම, 2023 සහ 2024 වසරවල රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) විසින් ද සියලු රේගු නිලධාරීන් සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කරන ලෙස නිර්දේශ කර තිබූ බව විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.