රසිකයන් මත් කළ සුපිරි හොලිවුඩ් නළුවාට ස්ත්‍රී දූෂණ, ලිංගික අතවර ආදී දරුණු චෝදනා..

Channel 4
By Sewvandhi Sep 17, 2023 12:32 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,  සුපිරි හොලිවුඩ් නළුවෙකු වන රසල් බ්‍රෑන්ඩ් ට ස්ත්‍රී දූෂණ, ලිංගික අතවර සහ මානසිකව අපයෝජනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි.

ඔහුට එම චෝදනා එල්ල වී ඇත්තේ,  ද සන්ඩේ ටයිම්ස්, ද ටයිම්ස් සහ චැනල් 4 නාළිකාවේ ඩිස්පෑචස් යන වාර්තාමය වැඩසටහන ඒකාබද්ධව සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ, විකට නළුවෙකු මෙන්ම චරිතාංග නළුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතයේ ඉහළම අවස්ථාවේ සිට වසර හතක් වැනි කාලයක් තුළ දී රසල් එම අපචාර සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලව ඇති බවයි.

2006 සිට 2013 දක්වා කාලය තුළ කාන්තාවන් හතර දෙනෙකු ට රසල් විසින් ලිංගික අතවර කර ඇති බවට චෝදනා කර තිබේ. කෙසේවෙතත් රසල් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම ඔහු පවසා ඇත්තේ, මේ සම්බන්ධයෙන් සඳහන් වූ තර්ජනාත්මක ලිපි රැසක් ඔහුට රූපවාහිනි නාළිකා සමාගමක් සහ පුවත්පතක් විසින් එවා තිබූ බවය.

ගමන් බෑගයක තිබී සොයාගත් මළ සිරුරේ අනන්‍යාතාව හෙළිවෙයි..!

ගමන් බෑගයක තිබී සොයාගත් මළ සිරුරේ අනන්‍යාතාව හෙළිවෙයි..!