තවත් ප්‍රබලයෙකු ජනාධිපතිවරණ සටනට එක්වෙයි..

President of Sri lanka Presidential Update Sri Lanka Presidential Election 2024
By Sithumini Aug 11, 2024 01:26 PM GMT
Report


මෙවර ජනාධිපතිවරණය සැප්තැම්බර් 21වැනිදා පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව ඒ සදහා මේ වන විට අපේක්ෂකයින්27 දෙනෙක් ඇප මුදල් තැම්පත් කර තිබෙනවා.

එවැනි පසුබිමක ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට තවත් අපේක්ෂකයෙකු තීරණය කර තිබෙනවා ඒ පසුගියද දිනවල දැඩි කතාබහට ලක්වූ රොෂාන් රණසිංහ මහතායි.

ශ්‍රීලංකා පදනම් ආයතනයේ අද පැවැති ජන හමුකට එක්වෙමින් ඔහු මීට සුළු මොහිතකට පෙර ඔහු ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් හිමිවූ කාලයේදි ඔහු පිළිබදව දැඩි කතාබහට ලක්වුණා.

ඒ ඔහු ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි කාලයේදි

එහිදි ඔහුට සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමටද සිදුවුණා. කෙසේවෙතත් එහිදි ඔහුට යම් ජනතා ප්‍රසාදයක් ඇති වූ අයුරු දක්නට ලැබුණා.