රොනාල්ඩෝ - ජෝර්ජිනා මංගල සීනු හැඬවෙයි
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය දිගුකාලීන සහකාරිය වන ජෝර්ජිනා රොඩ්‍රිගස් සමඟ විවාහ වී තිබේ. මෙම විවාහය අගෝස්තු 11 වැනිදා පෘතුගාලයේ කැස්කයිස් නගරයේදී පැවති පෞද්ගලික උත්සවයකදී සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විවාහයෙන් අනතුරුව රොනාල්ඩෝ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ මංගල මුදු පැළඳි අත් දෙකක් දැක්වෙන ඡායාරූපයක්ද පළ කර තිබේ. එම සටහනට ඉතා කෙටි කාලයක් තුළ විශාල ප්‍රතිචාරයක් හිමිව තිබූ බවද වාර්තා වේ.
පෘතුගාල මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පෞද්ගලික විවාහ උත්සවයට යුවළගේ දරුවන් පස්දෙනාද එක්ව සිටි බවයි.
රොනාල්ඩෝ සහ ජෝර්ජිනා වසර දහයකට ආසන්න කාලයක් එකට සිට ඇති අතර, ඔවුන් පළමුව මුණගැසී ඇත්තේ ජෝර්ජිනා මැඩ්රිඩ් නුවර ගුචි වෙළෙඳසැලක සේවය කරමින් සිටියදීය. එම අවස්ථාවේදී රොනාල්ඩෝ රියල් මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කරමින් සිටියේය.
යුවළ සිය විවාහ ගිවිස ගැනීම පිළිබඳව පසුගිය වසරේ අගෝස්තු 11 වැනිදා ප්‍රසිද්ධියේ නිවේදනය කළ අතර, වසරක පමණ කාලයකට පසුව ඔවුන් මෙලෙස යුග දිවියට පිවිස තිබේ.