''මේ රටේ එකාට එකා නැති කළේ දේශපාලුවො යි '' - ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි (VIDEO)

srilanka Protest
By Sithumi Apr 16, 2022 02:21 PM GMT
Report

අවුරුදු 74ක සිට මෙරට ජනතාව අතර එකාට එකා නැති කර වරද සිදු කළේ මේ රට පාලනය කරන ඇත්තවුන් ලෙස සැලකෙන දේශපාලනඥයින් බව ප්‍රවීණ රංගන ශිල්පි රොඩ්නි වර්ණකුළ පවසනවා. අද (16) පස්වරුවේ ගාලු මුවදොර අරගලයට එක්වෙමිනුයි රොඩ්නි මේ බව කියා සිටියේ.

රට පාලනය කරන ඇත්තවුන් දැනුමෙන් සහ ජනතාවට මානවහිතවාදී ව සලකන හෙයින් ඔවුන් හට නියම දේශපාලනඥයින් කිව හැකි වුව ද, මෙරට පාලනය කරන්නවුන්ට පැවසිය හැක්කේ දේශපාලුවන් ලෙස බව ද හෙතෙම පැවසුවා. මෙම අරගලයට හදවතින් ම ජය පැතූ රොඩ්නි ප්‍රකාශ කළේ, අරගලය ජය ගැනීමට මේ එකාට එකා බැදුණු බැඳීම කිසිදු ලෙසකින් බිඳ දැමීමට කටයුතු නොකළ යුතු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now