අඟහරු ග්‍රහලෝකයේ ඇති පාෂණ වලට සමාන පාෂාණයක් මෙරටින් හමුවෙයි..

Sri Lanka United States of America NASA Weather
By Aruna Jul 03, 2023 07:20 AM GMT
Report

අඟහරු ග්‍රහලෝකය මත ඇති පාෂණ වලට සමාන මෙරට පාෂාණයක් පිළිබඳව නාසා ආයතනය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකික විද්‍යාඥයෙකු වන ආචාර්ය සුනිති කරුණාතිලක මහතා වීම විශේෂත්වයක් වෙයි.

ඔහු මේ වනවිට නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු ලෙස කටයුතු කරන බව සඳහන් වෙයි. මෙම පාෂාණ විශේෂය නීල ගරුඬ පාෂාණය එහෙමත් නැත්නම් චන්ද්‍රකාන්ත පාෂාණය ලෙස හැඳින්වේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මෙය අඟහරු ග්‍රහලෝකයේ ඇති Serpentine පාෂාණයට සමානකම් දක්වන බවයි.