සඳට රොකට් ප්‍රහාරයක් - වෙන්න යන දේ මෙන්න.

moon NASA rocket Deep space ckimate
By Sewvandhi Jan 27, 2022 07:54 AM GMT
Report

ඊලොන් මස්ක් ගේ සමාගම විසින් අභ්‍යවකාශගත කළ ස්පේස් එක්ස් යානයේ රොකට්ටුවේ කොටසක් සඳට කඩාවැටීමට නියමිත බව විද්‍යාඥයෝ පවසති.

එම රොකට්ටුව මීට වසර 7කට පමණ පෙර අභ්‍යවකාශගත කෙරිණි. එහි කොටසක් මාර්තු මාසය වනවිට සඳ මත පතිත වියහැකි බව අනුමාන කෙරේ.

සාමාන්‍යයෙන් එවැනි රොකට්ටු, කාර්ය නිමවීමෙන් අනතුරුව එය අභ්‍යවකාශයේ අතහැර දමයි. නාසා ආයතනයේ "Deep Space Climate Observatory" නම් චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා 2015දී එම රොකට්ටුව උපයෝගී කර ගැනුණි.

එහි කොටසක් පැයට සැතපුම් 9,000ක පමණ වේගයෙන් සඳ ට කඩාවැටීමට ඉඩ ඇති බව තාරකා විද්‍යාඥ බිල් ග්‍රේ පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now