කෝටි 08කට ගත්ත රොබෝලා දිරලා ගිහින්.. ජාතික විගණන කාර්යාලය කළ නවතම හෙළිදරව්ව..

Sri Lanka
By krishani Jun 11, 2023 02:31 AM GMT
Report

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට රුපියල් කෝටි අටක වියදමින් 2020 වර්ෂයේ දී මිලදී ගත් රොබෝ යන්ත්‍ර හතරක් ඇතුළු උපකරණ එම මධ්‍යස්ථානය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් දිරාපත්වෙමින් පවතියි. 

ඒ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඇතැම් මෘදුකාංග සඳහා රහස් පද ඇතුළත් කර ඇති හෙයින් ඒවා ක්‍රියාත්මක කිරීමට ද නොහැකි වී ඇති බවයි.

කෙසේවෙතත්, මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යෑමට බඳවාගෙන ඇති විධායක නිලධාරියාට වසර දෙකක කාලයක් සඳහා මසකට රුපියල් හත්ලක්ෂ විසි පන් දහසක් බැගින් රුපියල් කෝටියකට වැඩි මුදලක් ගෙවා තිබෙනවා.

ඒ බව ජාතික විගණන කාර්යාලය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join