මාර්ගයක් දින දෙකක් වසා දැමීම ගැන දැනුම්දීමක්..
Sri Lanka
Sri Lanka Railways
By Sithumi
දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, හිඟුරක්ගොඩ සහ පොළොන්නරුව දුම්රිය ස්ථාන අතර ගල්වල දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් සිදුකිරීමට නියමිත බවයි.
එමනිසා දින 02ක කාලයක් එම මාර්ගය හරහා වාහන ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුවන බවද එම දෙපාර්තමේන්තුව සදහන් කළා.
නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය මුලස්ථානයේ නියෝජ්‍ය ආරක්ෂක අධිකාරී ජේ. එම්. එන්. එස් ජයසේන මහතා පැවසුවේ එළඹෙන මැයි මස 20 සහ 21 යන දිනයන්හිදී අදාළ මාර්ගය හරහා වාහන ගමනාගමනය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කරන බවය.
ඒ අනුව 20 වනදා පෙරවරු 8 සිට 21 වනදා පස්වරු 4.30 දක්වා මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තබනු ඇත. එම කාලය තුළ වාහන ගමනාගමනය සඳහා 155 සැතපුම් කණුව ආසන්යේ පිහිටි ලක්ෂ උයන කර්මාන්තපුර මාර්ගය භාවිත කරන ලෙසද රියදුරන්ට උපදෙස් දී තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |