බෝංචි කාලත් හමාරයි ද?. ඉහළ ගිය බෝංචි මිල මෙන්න.

Vegetables Vegetables Price Latest Headlines Vegetable Price Today
By krishani May 29, 2024 05:35 PM GMT
Report

මේ වන විට වෙළඳපොලේ බෝංචි මිල ගණන් තවදුරටත් ඉහළ අගයක පවති.

බෝංචි කාලත් හමාරයි ද?. ඉහළ ගිය බෝංචි මිල මෙන්න. | Rising Bean Prices

අස්වනු හිඟවීම හේතුවෙන් මෙම තත්ත්වය හට ගෙන ඇති බව සඳහන් විය.

ඊයේ (28) මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි තොග මිල රුපියල් 880ත් 950ත් අතර අගයක පැවතියේ ය.

එමෙන්ම, දඹුල්ල, පෑලියගොඩ, තඹුත්තේගම, කැප්පෙටිපොල, නුවරඑළිය මෙන්ම බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානවල ද එම මිල රුපියල් 600ත් 750ත් අතර පැවතිණ.

මේ අතර, මාළු අස්වැන්න අඩු වීම හේතුවෙන් වෙළඳ පොළෙහි මස් මිල රු.50කින් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව අද (29) නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ෆ්‍රේෂ් චිකන් තොග මිල රු.1080 ක අගයක පැවතියේ ය.

මේ අතර, නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස්වල සිල්ලර මිල පහත පරිදි වේ.

ෆ්‍රේෂ් මස් - රු.1200

සම සහිත - රු.1100

ශිතකල - රු.1100

කරි චිකන් - රු .1100

හබඩ් - රු .1400

එළු මස් - රු .3300

හරක් මස් - රු. 2500