සහල් ගැන ජනතාවට සුභදායක ආරංචියක්..මිල අඩුකරයි?..කරන්න හදන දේ මෙන්න.

China Sri Lanka Rice Food market
By Aruna Mar 28, 2022 07:52 AM GMT
Report

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව හදිසි ආහාර ආධාර වශයෙන් සහල් ටොන් 2000 ක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ, ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් චීන රජය එම තීරණය ගෙන ඇති බවයි.

අතීතයේ සිට දෙරට එකිනෙකාට අවශ්‍ය අවස්ථාවල සහයෝගය දක්වා ඇති බවත්, සෑම විටම ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දැක්වීමට චීන රජය සූදානම් බවත් එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබේ.

මේ අතර එළඹෙන උත්සව සමයේදී ජනතාවට හිගයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට අපේක්ෂා කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ අප්‍රේල් මස 05 හෝ 06 යන දිනවලින් අනතුරුව ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසිඳු හිගයකින් තොරව ලබාදීමට හැකි වනු ඇති බවයි.

එම කාලය වනවිට ඉන්දීය ණය ආධාර යටතේ වරායේ පවතින අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් කඩිනමින් නිදහස් කර වෙළඳපලට නිකුත් කිරීමට හැකි වනු ඇතැයිද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මෙරටට ආනයනය කෙරෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් සියයට 50 ක පමණ ප්‍රමාණයක් ගෙන්වන්නේ ඉන්දියාවෙන්.

ඒ අතරට සහල්, සීනි, උළුහාල් සහ මිරිස් මෙන්ම තවත් කුළුබඩු වර්ග ද වනවා.

ආනයනය කෙරෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් තවත් සියයට 20 ක ප්‍රමාණයක් ගෙන්වන්නේ චීනයෙන් හා ඕස්ට්‍රේලියාවෙන්.

එහිදී චීනයෙන් සුදුළුෑණු වැනි කුළුබඩු වර්ග ගෙන්වන අතර පරිප්පු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කෙරෙනවා.

ආනයනය කෙරෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් සියයට 30 ක ප්‍රමාණයක් ගෙන්වන්නේ පකිස්තානයෙන්.

එලෙස පකිස්තානයෙන් ගෙන්වන ආහාර ද්‍රව්‍ය අතරට අල සහ ළුෑණු ඇතුළත්.

එලෙස විදෙස් රටවලින් ආනයන කෙරෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමට බලපාන හේතුව මෙරට තුළ පවතින ඩොලර් අර්බුදය පමණක්ම නොවන බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ.

ලෝක වෙළඳපල තුළ අදාළ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමට තවත් හේතුවක් බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

කෙසේවෙතත් වරායේ පවතින බහාලුම් නිදහස් කරගත හොත් ඉදිරියේදී සීනි කිලෝවක තොග මිල රුපියල් 175 ක් ලෙස අලෙවි කළ හැකි බව ද එම සංගමය ප්‍රකාශ කළා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ආනයනකරුවන් විසින් ඒවායෙහි මිල තීරණය කරන්නේ දින 180 ක කාලයක් තුලදී භාණ්ඩවල මිලෙහි සිදුවිය හැකි උච්ඡාවචනයන් සහ ඩොලරයේ අගය සැලකිල්ලට ගනිමින්.

එහෙත් මේවනවිට රට තුළ පවතින ඩොලර් අර්බුදය හමුවේ එලෙස දින 180 ක කාලයක් සැලකිල්ලට ගෙන මිල ගණන් ප්‍රකාශ කළ ද අපේක්ෂිත ලාභය හිමිවේද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now