ලෝකයම ශ්රී ලංකාවේ සංස්කෘතික රිද්මයට එක්වන මොහොත ළඟයි
“Rhythm of Lanka - Cultural Homecoming 2026” සංස්කෘතික උළෙලේ කටයුතු මේ වන විට සාර්ථකව සිදුවෙමින් පවතින බව එහි සංවිධායකයන් පවසනවා.
“Rhythm of Lanka - Cultural Homecoming 2026” සංස්කෘතික උළෙල දෙසැම්බර් මස 19 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී සංදර්ශනයක් ලෙසත්, පසුදින (20) අරලියගහ මන්දිරයේදී මිත්රත්වයේ දිනයක් ලෙසත් පැවැත්වීමට නියමිතයි.
මේ සඳහා ඔස්ට්රේලියාව, බංග්ලාදේශය, සිංගප්පූරුව, ඉතාලිය, කැනඩාව, එක්සත් රාජධානිය, ස්වීඩනය ඇතුළු රටවලින් නර්තන කණ්ඩායම් මේ වන විටත් ලියාපදිංචි වී ඇති බවයි සඳහන් වන්නේ.
එසේම මෙම ප්රසංගය සජීවීව විඳීමට කැමැති විදෙස්ගත ප්රජාවට සහ නර්තන කණ්ඩායම්වලට +94 77 330 6680 යන අංකය ඔස්සේ හෝ global@rhythmoflanka.com යන විද්යුත් තැපෑල ඔස්සේ Rhythm of Lanka සමඟ ලියාපදිංචි වීමට සහ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හැකි බව සඳහන්.
ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්රී දළදා මාලිගාව, විදේශ කටයුතු අමාත්යාංශය, සංස්කෘතික අමාත්යාංශය, Clean Sri Lanka, බස්නාහිර පළාත් සභාව, කොළඹ මහ නගර සභාව ඇතුළු ආයතන රැසක සහභාගිත්වයෙන් රන්වල පදනම විසින් මෙම Rhythm of Lanka - Cultural Homecoming 2026 සංස්කෘතික උළෙල සංවිධානය කරනු ලබන අතර, අකුරු සහකරු ලෙස 'හෙළකුරු' සහ හරිත සහකරු ලෙස සම්පත් බැංකුව කටයුතු කරනවා.