කතරගම පුදබිමේ සිටින දරුවන් ගැන අනාවරණයක්

Sri Lanka Police Sri Lanka Police Investigation
By Sewvandhi Mar 23, 2024 09:10 AM GMT
Report

ඓතිහාසික කතරගම පුදබිම කේන්ද්‍ර කරගනිමින් සිඟමන් යදින දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

මෙම දරුවන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කළත් මව්පියන් විසින්ම එම දරුවන් නැවත සිඟමන් යැදීමට යොමු කරන බවයි, පොලිසිය පවසන්නේ.

 සඳහන් වන්නේ, වයස අවුරුදු 05,10,16 වැනි වයස් සීමාවන්ට අයත් දරුවන් රැසක් තම මව්පියන්ද දැනුවත්ව මෙලෙස යාචක වෘත්තියේ යොදවා මුදල් ඉපයීම සිදු කරන අතර, මෙම දරුවන් වැඩි පිරිසක් පාසල් නොයන බවයි.

අවස්ථාව කිහිපයකදීකම මෙම දරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කළත් එම අවස්ථාවන්වලදී මව්පියන් පැමිණ ඔවුන් නිදහස් කර ගැනීමට කටයුතු කරන බවයි, පොලිසිය සඳහන් කළේ.