රාජ්‍ය සේවයේ නියුතු පිරිසක් සම්බන්ධයෙන් සුවිශේෂී තීරණයක් ගනී..වැඩ කරන කාල සීමාවක් දීර්ඝ කරයි..

Ministry of Health Sri Lanka Government Of Sri Lanka Department of Prisons Sri Lanka National Health Service Department of Pensions
By Aruna Dec 15, 2023 05:55 AM GMT
Report

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කර තිබෙනවා.

ඒ රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරු වයස අවුරුදු හැටේදී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් වෛද්‍යවරු පිරිසක් ගොනුකල තිබූ රිට් පෙත්සමක තීන්දුව ලබාදෙමින් වීම විශේෂත්වයක්.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.