ජපානයේ අවන්හල් බිත්තර යොදා ආහාර සැකසීම නවතා දමයි..

Japan
By krishani Apr 08, 2023 06:32 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ජපානයේ අවන්හල් 30% ක් පමණ මේ වසරේ සිට බිත්තර යොදා ගනිමින් සකසන ආහාර අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ බිත්තරවල මිල ඉහළ යාම සහ කුරුළු උණ ව්‍යාප්තිය හේතුවෙන් ය.

බිත්තර හිඟයක් ද ජපානය තුළ නිර්මාණය වී ඇති අතර බිත්තර හිඟයට පිළියම් ලෙස බිත්තර ආනයනය කිරීමට පියවර ගෙන ඇත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් බිත්තර යොදා ගනිමින් සකසන ආහාර අලෙවිය අත්හිටුවා වෙනත් ආහාර සකස් කිරීම සම්බන්ධයෙන් අවන්හල් හිමියන් අවධානය යොමු කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join