ආහාර වර්ගවල මිල ගැන නැවතත් තීරණයක්..

Sri Lanka Food Crisis Sri Lanka Electricity Prices Latest Headlines Decision Making
By krishani Mar 05, 2024 11:44 AM GMT
krishani

krishani

in ආහාර
Report

ඉහළ දැමූ ආපනශාලා ආහාර වර්ගවල මිල පෙර පැවති මිලටම පහත දැමෙනු ඇත.

ආහාර වර්ගවල මිල ගැන නැවතත් තීරණයක්.. | Restaurant Food Same Price

ඒ විදුලි ගාස්තුව අඩු කිරීම හේතුවෙන් ය.

ඒ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ ය.

නිෂ්පාදන වියදම් ඉහළයාම නිසා, ආපනශාලාවල ආහාර මිල ඉහළ දමන බව පසුගියදා සමස්ථ ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය.

ඒ අනුව ප්ලේන්ටියක් රුපියල් 5 කින් සහ කිරි තේ කෝප්පයක් රුපියල් 10කින් ද බත් පාර්සලයක් රුපියල් 25කින්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රුපියල් 50 කින් මෙන්ම කෙටි ආහාර මිල ද රුපියල් 10 කින් ද ඉහළ දමනු ලැබීය.

කෙසේ වෙතත්, විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් යළිත් පැරණි මිලටම ආපනශාලා ආහාර වර්ගවල මිල ගණන් පහත හෙළන බව එම සමස්ථ ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටියේ ය.