ඉන්ධන නිපදවන්න විද්‍යාඥයන් පිරිසක් අලුත් ක්‍රමයක් සොයාගනී.
අධික පරිභෝජනය නිසා තව දශකයින් දෙකකින් අපිට ආහාර විතරක් නෙවෙයි බලශක්තිය, ඉන්ධන, ගෑස්, හැමදේම. විද්‍යාඥයින් පවා අනතුරු අඟවන්නේ, මුළු ලොකුයම තව ටික කාලයකින් ලොකු බලශක්ති අර්බුදයකට මුහුණ දෙන බවයි. ඒ වෙනුවෙන් ධනවාදී රටවල් දැන් ඉඳන්ම සූදානම් වෙනවා.
ඉතින් ඒ අතරේ ලොව පළමු වතාවට වායු ගෝලයේ ඇති තුනී වායුවෙන් හා හිරු එළියෙන් ඉන්ධන නිපදවන්න විද්‍යාඥයන් පිරිසක් සමත්වෙලා තියෙනවා. ඒ අනුව මෙම සොයාගැනීමත් සමඟ අනාගතයේ දී කාබන් උදාසින හයිඩ්‍රොකාබන් ඉන්ධන නිපදවන්නට ද හැකි වේවි.
? මේ පර්යේෂණයට සම්බන්ධ විද්‍යාඥයන් කියන්නේ මෙම නව සොයා ගැනීම ඉතිහාසයේ වැදගත් මං සලකුණක් වන බවයි. ඒ නිසා අනාගතයේ දී ගුවන්යානා භාවිතය නිසා වායුගෝලයට කාබන් එක් වීම මුළුමනින් ම නතර වනු ඇති බවත්, එය මිනිසා ලබා ගන්නා විශිෂ්ටතම ජයග්‍රහණයක් බවත්ය.
? මිනිස් ක්‍රියාකාරම් නිසා ගුවන් යානා හා නාවුක ගමනාගමනය හේතුවෙන් වායුගෝලයට එක්වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය 8%ක්.
? ඔවුන් විසින් තනා ඇති කුඩා ප්‍රමාණයේ පිරිපහදු පද්ධතියක් මගින් වායුගෝලයට එක්වන කාබන්ඩයොක්සයිඩ් හා ජලය ග්‍රහණය කර ගන්නවා. ඉන්පසු ඒවා, සූර්ය ප්‍රතික්‍රියාකාරකයකට යොමු කෙරෙනවා. එහිදී සූර්ය ප්‍රතික්‍රියාකාරකය ඒවා යොදා ගෙන කාබන්මොනොක්සයිඩ් හා හයිඩ්රජන් ඇතුළත් ‘සින්ගෑස්’ (syngas) නම් නව වායු මිශ්‍රණයක් නිපදවනවා. අවසානයේ දී මේ සින්ගෑස් ද්‍රව හයිඩ්‍රොකාබන් බවට පත් කරනවා. ඒවා තමයි, භූමිතෙල්, ගැසොලින්, මෙතනෝල් හො වෙනත් ඉන්ධනයක් බවට පත් කිරීමට යොදා ගන්නේ.
? මේ අයුරින් සුර්ය ඉන්ධන නිෂ්පාදනය කළ හැකි බව සක්‍රියව න්‍යායාත්මකව හා නිදර්ශනාත්මකව පෙන්වා දුන්නත් සැබෑ ලෝකයේ පවත්නා තත්වයන් යටතේ සම්පූර්ණයෙන්ම උපරිම තත්වයෙන් ක්‍රියාවට නැංවීම අභියෝගයක් වන බවයි පර්යේෂකයන් වැඩිදුරටත් පවසන්නේ.
? මේ නව අධ්‍යයනය කර ඇත්තේ ස්විට්සර්ලන්තයේ සූරීච් තාක්ෂණික රාජ්‍ය විශ්ව විද්‍යාලය වූ එත් සූරීච් (ETH Zurich) ආයතනයේ මහාචාර්ය ඇල්ඩෝ ස්යෙින්ෆීල්ඩ් (Aldo Steinfeld) සමග විද්‍යාඥයන් පිරිසක්.
? ඔවුන් මෙසේ හිරු එළියෙන් හා වාතයෙන් ඉන්ධන නිපදවීම සඳහා අත්‍යවශ්‍ය ඒකක තුනක පද්ධතියක් යොදා ගත්තා. එයට අවට පරිසරයේ වායුගෝලයෙන්, කාබොන්ඩයොක්සයිඩ් හා ජලය ලබා ගත හැකි ඍජු වායු ධාරා ග්රාහක ඒකකයක්, ඊට සම්බන්ධ වුණු, කාබොන්ඩයොක්සයිඩ් හා ජලය, කාබන්මොනොක්සයිඩ් හා හයිඩ්රජන් මිශ්‍රණයක් බවට පත් කළ හැකි, එනම් සින්ගෑස් නිපදවිය හැකි, සූර්ය ශක්ති භාවිත ඔක්සිකරණ (redox) ඒකකයක් සමඟ මේ සින්ගෑස් දියර හයිඩ්‍රොකාබන් හෝ මෙතනෝල් බවට පෙරළිය හැකි, ගෑස් ද්‍රව බවට පත් කරන ඒකකයක් ඒ පද්ධතියට ඇතුළත් වුණා.
? විද්‍යාඥයන් ඉතා සාර්ථකව මේ අත්හදා බැලීම ඔවුන් විසින් කර ඇත්තේ, කඩින් කඩ ලබාගත් හිරු එළියෙන්.
? පර්යේෂකයන් පැය 7ක කාලයක් තුළ මෙතනෝල් මිලිලීටර 32ක් මේ ක්‍රමයෙන් නිපදවා තියෙනවා. මේ සූර්ය ඉන්ධන නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථක කර ගත හැකියැයි පිළිගැනීමට ඒ පර්යේෂණය ප්‍රමාණවත් බවයි ඔවුන් සඳහන් කරන්නේ.
? 2019 වසරේදී මොවුන් ගුවන්යානාවල භාවිතයට ගැනුනු ගුවන්යානා භූමිතෙල් ඉන්ධන ප්‍රමාණය වූ ලීටර බිලියන 414ක් වූ ප්‍රමාණය නිපදවීම කළ හැකි විධියේ ව්‍යාපෘතියක් සකස් කරන හැටි ගැනත් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් ඇස්තමේන්තු කර ඇති ආකාරය අනුව ඒ ලීටර ප්‍රමාණය ලබා ගැනීමට නම් වර්ග කිලෝමීටර් 45,000ක වපසරියක පැතුරුණු පිරියතක් ඉදි කරන්න ඕනෑ. එය සහරා කාන්තාරයේ ප්‍රමාණයෙන් 0.5%ක තරම් වපසරියක් යැයි ද ඔවුන් පවසනවා.
? ඔය කොහොම වෙතත් මෙවැනි ක්‍රමයට ඉන්ධන තැනීම දැන් වෙළඳ පොළ ගුවන් යානා ඉන්ධන මිල ගණන් අනුව නම් කළ නොහැකි අධික වියදම් යන වැඩක් බවයි පර්යේෂකයන් පවසන්නේ . ඔවුන් (Nature) සඟරාවට මේ පිළිබඳව ලිපියක් ලියමින් පවසන්නේ ආරම්භයේ දී මිල අධික බවක් පෙනුනත් අමුද්‍රව්‍ය වායු ගෝලය තුළින් නොමිලයේ ලැබෙන නිසා ස්ථිර හා ක්‍රමවත් සැලැස්මක් ඇතිව සැකසූ පිරියතක් මගින් මෙහි ඵලදායිකත්වයක් ලබාගත හැකි බවයි.
? ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ, ‘ගුවන්යානා ක්ෂේත්රයේ කටයුතු කාබන්හරණය සඳහා දීර්ඝ කාලීනව කිරීම සඳහා ප්‍රතිපත්ති සකසා ගැනීමේ දී, මේ හිරු එළියෙන් හා වාතයෙන් ඉන්ධන සාර්ථකව නිපදවිය හැකි බව සාර්ථකව පෙන්වා දුන් ක්රමවේදයත් සැලකිල්ලට ගැනීම වැදගත් බවයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |