දැනගෙන හිටියද? ඔබ නිදාගන්නේ සඳ මෝරන තාලෙට බව.

By Wayomi Jun 03, 2022 11:49 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

රෑට නිදි මාරුවට උදේට නැගිටිනවා කියන්නේ මරන්නා වගේ වැඩක් නේද? එහෙම වෙන්නේ නින්ද අපේ ජීවිතයේම කොටසක් වෙලා තියෙන නිසා. සමහර දවස්වලට නිදි වැරුවට..තවත් සමහර දවස් වලට කලින්ම නිදාගන්න යනවනේ.? ඔබ දන්නවද හඳ‍ෙහි මෝරන කාලයේ දී මිනිසුන්ගේ නින්දෙත් වෙනසක් සිද්ද වෙනවා කියලා.  

🌙  ඉස්සර ඉඳන්ම සඳ කියන්නේ පෘතුවියේ ස්භාවයට වගේම මිනිසුන්ගේ ජීවිත වලටත් බලපෑම් කරන ග්‍රහයෙක්. මේ දේවල් ගැමි විශ්වාසයන් වුණත් ඇතැම් සිද්දීන් විද්‍යාඥයන් පවා ඔප්පු කරලා තියෙනවා. වඩදිය බාදිය තත්වයත් එවැන්නක්නේ. ඉතින් ඒ වගේම තමයි දින 29.5ක් වූ චන්ද්‍ර චක්‍රය පුරා කළ පර්යේෂණයකට අනුව විද්‍යාඥයන් කියන්නේ ඔබ නිදද්දී චන්ද්‍රයාගේ බලපෑමට ලක් වන බවයි. ( සෙම් රෝග තියෙන අයටත් චන්ද්‍රයාගේ බලපෑම එල්ල වන බව දේශීය වෛද්‍යවරුන්ගේ මතයයි)

🌙 හඳ‍ෙහි මෝරන කාලයේ දී මිනිසුන් පමා වී නින්දට යන බවත්, ඒවාගේ ඔවුන් ඒ කාලෙදි ලබන නින්දත් ක‍ෙටි වන බවත් අලුත් ම අධ්‍යයනයකින් හෙළිවී තියෙනවා. මේ අධ්‍යයනය කළ ඇමරිකානු පර්යේෂකයන් කියන්නේ මේ වෙනස්කම නාගරික ප්‍රදේශවල පමණක් නොව ග්‍රාමීය ප්‍රදේශවලත් එක හා සමානව සිදුවන බව නිරීක්ෂණවලින් හෙළි වූ බවයි.

🌙 ඒ අනුව ස‍ඳ‍ෙහි කලාව අනුව නින්ද සිදුවන බව හෙළිකෙරන මේ පර්යේෂණයෙන් නගින කලාවෙහි දී නින්දේ අඩුවකුත් බහින කලාවේ දී එනම් අමාවක තෙක් කාලයේ දී වැඩි වේලාවක් හා දිගු නින්දක් මිනිසා ගත කර බව තහවුරු වී තියෙනවා.

🌙 විශේෂඥයන් කියන්නේ පසළොස්වකට ආසන්න දවස්වල හිරු බැස ගියාට පසුවත් ස්වභාවික හඳ එළිය වැඩියෙන් ඇති නිසා හිරු එළියට එය ආදේශකයක් වෙනවා. මෙසේ හඳ එළිය ඇති නිසා මිනිස් සිරුරට රාත්‍රිය එළඹුණු බව දැනීම නොලැබී යනවා. මෙය විදුලි එළිය නිසා වෙනස් විය හැකියි.

🌙 මේ කාලවල නිදියන රටාවන් ගැන අධ්‍යයනය කරන්නට ඔවුන් තෝරා ගත්තේ උතුරු ආජෙන්ටිනාවේ ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රජාවන් පිරිසක්. ඒ වගේම ඇමරිකාවේ සියැටල් හී විසූ වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක්. අතේ බඳින මොනිටරවලින් මේ කණ්ඩායම 98 දෙනකුගේ නිදා ගැනීමේ රටාවන් ගැන නිරීක්ෂණය කළා. ආජෙන්ටිනාවේ ෆෝමෝසා පළාතේ ටෝබා-කොම් ගම්වැසි ප්‍රජාවන් තුනක් මේ සඳහා යොදා ගත්තා. අත් මොනිටර මගින් තොරතුරු ගත්තාට අමතරව ඔවුන් ඒ රාත්‍රියන් ගත කළ ආකාරය පිළිබඳ වාර්තාවන් ද ඔවුන්ගෙන්මත් ලබාගෙන තිබෙනවා.  



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW



Gallery