ලෝකෙම හදවත් සංවේදී කළ, ඉන්දියාවේ කඩා වැටුණ උමගක සිරව සිටි සියලු දෙනා බේරා ගැනේ - වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO/PHOTOS)
India
Accident
By krishani

උතුරු ඉන්දියාවේ උමං මාර්ගයක සිර වී සිටි සේවකයින් 41දෙනාවම මේ වන විට බේරාගෙන තිබෙනවා.
ඒ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
පසුගිය නොවැම්බර් මස 12 වැනිදා Uttarakhand හි උමං මාර්ගයක් කඩා වැටීමෙන් ඒ තුළ සේවකයින් පිරිසක් කොටු විය.

දින 16ක කාලයක් එහි සිර වී සිටි සේවකයින් පිරිස මුදාගැනීමට එතැන් සිට අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක විය.
කෙසේ වෙතත්, පැය 400ක මෙහෙයුමකින් පසුව සියලුදෙනා ගලවා ගැනීමට හැකි වූ බව අනාවරණය විය.

රාත්‍රී 8 ට පමණ පළමු සේවකයා පිටතට ගෙන ගොස් ගිලන් රථයෙන් වෛද්‍ය මධ්‍යස්ථානයකට ගෙන ගිය බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
වීඩියෝ දර්ශන - NDTV YouTube Channel