අවුරුදු 14ක දරුවකු සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි - ඡායාරූප සහ ඇඳ සිටි ඇඳුම් පිළිබඳ විස්තර මෙන්න..(PHOTOS)

Police church missing Kochchikade Obeberiya
By Sewvandhi Feb 17, 2022 10:27 AM GMT
Report

කොච්චිකඩේ, ඔබේබේරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14ක දරුවෙකු අතුරුදහන් වී තිබෙනවා. දරුවා පසුගිය මස 22 වනදා නිවස අසල ඇති පල්ලියක මංගල්‍යයකට සහභාගී වීමට යන බව පවසා පිටව ගොස් නැවත නිවසට පැමිණ නැහැ . 

 අතුරුදහන් වූ දරුවා මදක් මන්ද මානසික තත්ත්වයෙන් පෙලෙන දරුවෙකු බව මව විසින් ප්‍රකාශ කර ඇති බවද පොලිසිය සඳහන් කළා.

අදාල දරුවා උස අඩි 5ක් පමණ වන අතර , තලෙළු පහන් යුක්තයි. කොණ්ඩය කොටට කපා පැත්තට පීරා තිබෙනවා. අවසන් වරට ඇඳ සිට ඇත්තේ කොළ පැහැති අත්කොට ෂර්ට් එකක් , නිල් පැහැති ඩෙනිම් කලිසමක්, සුදු හා කළු සපත්තු දෙකක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


GalleryGalleryGallery