පොලිසිය මහජනතාවගෙන් කළ විශේෂ ඉල්ලීම..
Sri Lanka
robbery
Navagamuva
Korathota
Pahala Bomriya
Navagamuva Police
By Sewvandhi
නිවාස දෙකක් බිඳ මුදල් සහ දේපළ සොරකම් කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහය ඉල්ලා ඇත.
මෙම එක් සැකකරුවෙක් විසින් නවගමුව පොලිස් වසමේ කොරතොට ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 20ක මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කර තිබේ.
පසුගිය 09 වනදා රාත්‍රී කාලයේදී මෙම සොරකම සිදුව ඇත. අනෙක් සැකකරු පසුගිය ඊයේ දිනයේ පහළ බෝම්රිය ප්‍රදේශයේ නිවසකට ඇතුළුව දේපළ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරුවෙකි.
මෙම සිද්ධීන්ට අදාළ CCTV වීඩියෝ දර්ශන පොලිසිය විසින් මාධ්‍ය වෙත මුදාහැර තිබේ. ඒ අනුව අදාළ සැකකරුවන් පිළිබඳව යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ස්ථානාධිපති නවගමුව - 071 - 8591652
ස්ථානාධිපති (අපරාධ) - 076 - 9452002
නවගමුව පොලිස් ස්ථානය - 011 - 2415222
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |