නැවතත් රට ලොක්ඩවුන්..?මාත් සමග එකතුවන්න - ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!

Lockdown vaccination Covid19 fertilizer Gotabhaya Rajapaksha
By Sewvandhi Feb 09, 2022 12:43 PM GMT
Report

කොවිඩ් -19 වසංගතය හමුවේ නැවතත් රට වසාදමන්නට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) විශේෂ ඉල්ලීමක් කළේය. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ "පොදුජන රැළිය" අමතමිනි.

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ "පොදුජන රැළිය" අද පස්වරුවේ ආරම්භ විය. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

"පොහොර නැතුව හරි ඇතුව හරි ගොවි ජනතාවගේ ආදායම 100%කින් මම වැඩිකරනවා. උදුර ගත්තු ඉඩම් ටික ලබාදුන්නා. ගොවිජනතාව වෙනුවෙන් කැපවෙන්න මම සූදානම්."

"කෘෂිකර්මාන්තය වෙනුවෙන් කිසිම දෙයක් නොකරපු අය අද ගොවියව රවට්ටලා. රට අගාධයට ඇද දාන්න හදනවා."

"පසුගිය අවුරුදු 5 මොකද කළේ. අන්තිමට බෝම්බ ගහලා නැවතුනේ." 

"මාත් සමග එකතුවන්න. විශ්වාසය තබන්න. නැවතත් අපිට රට වහන්නට ඉඩ තියන්න එපා. එන්නත් ලබාගන්න."

"වැඩවර්ජන කරන අයගෙන් මම ඉල්ලනවා.. ජනතාව දිහා බලන්න. ඔබේ වගකීම තියෙන්නේ ආණ්ඩුව වෙනුවෙන් නෙමෙයි. ජනතාව වෙනුවෙන්."

__________________________________________________________

You may like this video ?

ගිනි අපි පෙන්නා පහදෙමින් භායානක ලෙස මංකොල්ල කන CCTv වීඩියෝව පහතින් නරඹන්න..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now