ගාලු මුවදොර "ගෝඨා ගෝ ගම" ඉවත් කරනවාද..? ආරක්ෂක අංශ මේ සිදු කරන්නේ කුමක්ද..?(VIDEO)
විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ගේට්ටුවේ සවිකර තිබූ බැනර් සහ පුවරු ආරක්ෂක අංශ සාමාජිකයින් ඉවත් කිරීමට පියවර ගත් අයුරු ද එහි සිටි පුද්ගලයෙකු වීඩියෝ කර තිබුණි.
මෙම ක්‍රියාවට අරගලකරුවන් සිය විරෝධය පළ කළේය. ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ද අද ගෝඨාගෝගමදී මාධ්‍ය හමුවක් පැවැත්විය. මේ අතර කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට ජනතා විරෝධතාව ඊයේ රාත්‍රියේත් ක්‍රියාත්මක වුණි.
මෙහිදී විරෝධතාකරුවන් චෝදනා කළේ සිය සටන් පාඨ ජනතාවට ඇසීම වැළැක්වීම සඳහා අරලියගහ මන්දිරයේ බලධාරින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කර පිරිත් විකාශය කිරීමට පියවර ගෙන ඇති බවය. අද මෙම විරෝධතාව අතරතුර තරුණයින් තිදෙනෙකු උපවාසයක්ද ආරම්භ කර තිබුණි.
අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික වේදිකාවේ නවතා ඇති බස් හා ට්‍රක්රථ ඉවත් කරන ලෙසත්, විරෝධතාවට බාධා එල්ල කරන ශබ්ද විකාශන යන්ත්‍ර අක්‍රිය කරන ලෙසත් පොලීසියෙන් ඉල්ලමින් මෙහි විරෝධතාකරුවන් පිරිසක් ගාලු පාරේ අමෙරිකානු තානාපති කාර්යාලය අසල පදික වේදිකාවේ විරෝධතාවක් ආරම්භ කළේය.
ගෝඨා ගෝ ගම යනුවෙන් ප්‍රදර්ශනය කර තිබූ පුවරු සහ සටන් පාඨ මෙලෙස ඉවත් කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනද මේ..
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |