සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කරන්න පහසුම ක‍්‍රම පෙළක්

By Madheeha_Naz Sep 06, 2023 07:43 AM GMT
Madheeha_Naz

Madheeha_Naz

in රචනා
Report

සාමාන්‍යයෙන් මිනිස් සිරුරක සෑම අවයවකම රෝම පිහිටනවා  ඉතින් මේ රෝම පිහිටලා තියෙන්නේ අපේ  සමේ ආරක්ෂාවට කියලා අපි කව්රුත් දන්නවනේ , හැබැයි සමහර අයට මේ රෝම පිහිටලා තියෙන එක හරිම කරදරයක් කියලා හිතෙනවා. විශේෂයෙන්ම මේ කරදරය එන්නේ තරුණියන්ට තමයි, ඉතින් එයාලා මේ අතේ  තියෙන රෝම නැතිකරන්න නොකරන දෙයක් නැහැ .සමහරු සල්ලි පවා වියදම් කරගෙන සැලුන් ගිහින් මේ රෝම ඉවත්කරගන්නවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ සැලුන් ගිහින් සල්ලි ව්යදම් නොකර නිවසේදීම ඔබේ අතේ තියෙන රෝම ඉවත්කරගන්න තියෙන ස්වභාවික සත්කාර කිහිපයක් ගැනයි. එන්න අපි දැන් ඒ සත්කාර මොනවද කියලා බලමු.


1 කහ සහ පැපොල්

අමු පැපොල් තේ හැඳි දෙකක් සහ කහ  කුඩු තේ හැඳි භාගයක් එකට  මිශ්‍ර කර  පේස්ට් එකක් ආකාරයට සාදාගන්න. පසුව එය ඔබේ  අත්වල ආලේප  කර  විනාඩි 15ක් පමණ තියාගෙන පසුව සෝදාහරින්න . සතියකට වරක් මෙය සිදු කිරීම මගින් ඔබේ අතේ ඇති රෝම ඉවත් කරගන්න පුළුවන්.


2 ලෙමන් යුෂ

ලෙමන් යුෂ අරගෙන එය ඔබේ අත්වල ආලේප කර විනාඩි  20ක් පමණ තබාගෙන පසුව සෝදාහරින්න  මේ සත්කාරය ලෙමන්  යුෂ පමණක් භාවිත කර සිදුකරන නිසා හරි පරිස්සමින් සිදුකරන්න ඕනේ මොකද ඔබ මෙය ආලේප කරලා හිරු එළියේ එහෙම ගියොත් ඔබේ සමට හානි සිදුවෙන්න පුළුවන්.


3 යෝගට්

යෝගට්වල අඩංගු ලැක්ටික් ඇසිඩ්වල බලපෑම හේතුවෙන්  රෝම සිහින් වීම සිදු වෙනවා.  මේ සත්කාරය දීර්ඝ  කාලීනව සිදුකිරීම  මගින් ඔබට හොඳ  ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.  අන්න ඒ නිසා යෝගට් ඔබේ  අත් දෙකෙහි ගල්වා විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර එය  සෝදාහරින්න.


4 සීනී

  භාජනයකට සීනී කෝප්පයක් , ලෙමන් යුෂ මේස හැඳි හතරක් , සහ  වතුර මේස හැඳි හතරක්  එකට එකතු කරලා එය  උකු පේස්ට් එකක් වෙනකන් හැඳි ගාන්න .පසුව ඔබ සාදාගත් පේස්ට් එක වෙනම භාජනයකට දාලා අදාළ ස්ථානවල මේ පේස්ට් එක ආලේප කරගන්න .ඊටපස්සේ ටික වෙලාවකින්  වැක්සින් එකක් වගේම එය ගලවා ඉවත් කර සෝදාගන්න. 


5 සෝයා නිෂ්පාදන

ඔබ සෝයා ආශ්‍රිත නිෂ්පාදන භාවිත කිරීමෙන් ඔබේ රෝම පවතින  ස්වාභාවයට වඩා සිහින් වෙනවා.  ඒ සමග කාලයත් එක්ක අනවශ්‍ය රෝම කූප මේ සිහින් වීම එක්ක නැති වෙලා යාම සිදුවෙනවා.


අද අපි කිව්වා මෙන්න මේ සත්කාර අනුගමනය කිරීම මගින් ඔබට නිවසේදීම පහසුවෙන් ඔබේ අතේ  තිබෙන රෝම ඉවත් කරගන්න පුළුවන්. ඉතින් අද අපි ගෙනාපු මේ වීඩියෝ එක ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා අපි හිතනවා.