ඕනෑම කෙනෙකුට තමාගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ජාලාවලින් ඉවත් කරන්න ක්‍රමයක් හඳුන්වා දෙයි.

Facebook Sexual harassment Sri Lanka Social Media Meta
By Wayomi Jun 03, 2023 07:28 AM GMT
Report

සමාජ මාධ්‍ය ජාලා තුළ නිරුවත් ඡායාරූප පළවීම නිරන්තරයෙන් දකින්න ලැබෙනවා.

දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙලෙස සිදුවන නිරුවත් ඡායාරූප පළවීම හේතුවෙන්, කුඩා ළමයින්ට සහ කාන්තාවන්ට සිදු වන අපහසුතා පිළිබඳව විශේෂයෙන් සැලකිල්ලට ගනිමින් මෙටා සමාගම එවැනි සිදුවීම් පිටුදැකීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව මෙටා සමාගම මේ වන විට හඳුන්වා දී ඇති ‘Take It Down’ නම් විශේෂාංගය එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පියවර ගැනීමට උදව් වෙනවා.

මෙහිදී ‘Take It Down’ වෙබ් අඩවියට පිවිස තමන්ගේ නිරුවත් ඡායාරූපයක් වේ නම් ඊට අදාළ හෑෂ් අගයක් (දත්ත හඳුනාගැනීම සඳහා භාවිත කළ හැකි නිශ්චිත සංඛ්‍යාත්මක අගයක්) උඩුගත කිරීමට අවස්ථාව ලැබෙනවා.

නිර්නාමිකව අදාළ ඡායාරූපය උඩු ගත කළ හැකි වීම මෙහි විශේෂත්වයකි.

පසුව ඡායාරූපයට අදාළ හෑෂ් අගය නිර්මාණය කිරීමට ඔවුන් TakeItDown.NCMEC.org යන වෙබ් අඩවියට පිවිස අදාළ මෘදුකාංගය සිය උපාංගයට බාගත (download) කර ගත යුතු වෙනවා.

උඩුගත කරන හෑෂ් අගය මෙටා සමාගමට සම්බන්ධ දත්ත පද්ධතියක ගබඩා කර තබනවා.

අනතුරුව එම ඡායාරූපය යම්කිසි පුද්ගලයෙක් ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලවලට උඩුගත කළහොත් අදාළ දත්ත පද්ධතිය හරහා එය හඳුනාගෙන, කෙටි වෙලාවකින් එය ඉවත් කිරීම සිදු වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW