ආයෙත් විවාහ වෙද්දි හිතා ගන්න බැරි සහනයක්?.
නැවත විවාහ වීම සඳහා සහන සැලසෙන අයුරින් නීති සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.
ඒ කොමසාරිස්වරුන් තෝරා ගැනීමේ දී කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම සඳහා මෙන්ම වැන්දඹු කාන්තාවන් සඳහා දීමනා හා වැටුප්වලින් 50%ක අයිතියක් සහිතවයි.
මෙය යෝජනා වී ඇත්තේ සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) කොමිෂන් සභාව විසින් පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලද රැස්වීම් තුනක් හරහා පාර්ශවකරුවන්ගේ අදහස් විමසීමේ දී ය.
ඒ ජනවාර්ගික ගැටුම් සහ යුද්ධයෙන් පසුව ඇති වූ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සංවාදයක් ගොඩනැගීම සහ ඒ සඳහා අවධානය යොමු කිරීමේ උත්සාහයක් ලෙසයි.
මෙම සාකච්ඡාවට රාජ්‍ය නිලධාරීන්ගේ සිට බිම් මට්ටමේ සංවිධාන දක්වා සමාජයේ පුළුල් පරාසයක පිරිසක් සහභාගී විය.
එමෙන්ම, සංහිඳියා ක්‍රියාවලියේ දී දේශීය ඉදිරි දර්ශනවල වැදගත්කම පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් වැඩබලන ලේකම් සී.පී.රාජකරුණා සහ දිස්ත්‍රික් පරිපාලනය විසින් මෙහිදී කරුණු අවධාරණය කෙරිණ.
එහිදී ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් සභාවල දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් ඒකාබද්ධ පළාත් උපාය මාර්ගවල අවශ්‍යතාව අවධාරණය කරමින් පිරිස වෙත ඒ පිළිබඳ අවබෝධයක් ලබා දී ඇත.
තව ද, හිටපු හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ප්‍රජා පාර්ශ්වකරුවන් විසින් සමාජ දුක්ගැනවිලි විසඳීම සඳහා අත්‍යවශ්‍ය වන බිම් මට්ටමේ ක්‍රියාකාරකම් පිළිබඳ ව ප්‍රධාන වශයෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙයට අමතරව, ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබීමෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල විවිධ ගැටළු විසඳීම සඳහා වන අවශ්‍යතාව ද සාකච්ඡාවට බදුන් වී තිබෙනවා.