කපුවෙක් සහ හිමිණමක් අතර ගැටුමක්..දින 06ක පෙරහැරක් නවතී..

Religion Niwithigala kudakatharagamadewalaya
By Aruna Feb 17, 2022 07:06 AM GMT
Report

නිවිතිගල කුඩා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර පවත්වමින් තිබියදී දෙපාර්ශ්වයක් අතර ඇති වූ මත ගැටුමක් හේතුවෙන් එහි භාරකාරිත්වය විසින් දේවාලයට ඉබි යතුරු දමා ඇති බව වාර්තා වෙනවා.

මෙම මත ගැටුම ඇති වී තිබෙන්නේ දේවාලයේ භාරකාරිත්වය හා දේවාල භූමියේ පිහිටි විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමක් සමඟ වේ.

දේවාල භූමිය පිළිබඳ පවතින ඉඩම් ආරවුලක් මෙම මත භේදයට හේතු වී තිබෙන බැව් අසල්වාසීහු කියති.

මෙවර පෙරහැර 12 – 17 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ අතර, දින දෙකක් පෙරහැර සෞඛ්‍ය නීතිරීති යටතේ මහජන සහභාගිත්වයෙන් තොරව චාරිත‍්‍ර ඉටුකිරීම පමණක් සිදුකොට ඇති අතර පසුව මෙම මත ගැටුම උදාවී තිබේ.

ඒ හේතුව මත භාරකාරිත්වය විසින් දේවාලය වසා එහි ඉබියතුරු දමා තිබේ.

නිවිතිගල පොලිසිය මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now