අඩු ආදයම්ලාභී පවුල් සඳහා සහන.
Government Of Sri Lanka
By Gagana
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කල යෝජනාවකට අනුව අඩු ආදායම්ලාභී පවුල් වලට මාස 02ක් සදහා එක පවුලකට සහල් කිලෝ ග්‍රෑම් 20ක් ලබා දීමට පසු ගිය දා කැබිනට් අනුමැතිය හිමි විය.
ඔවුන් සදහා සහල් බෙදා දීමේ කටයුතු ප්‍රාදෙශීය ලේකම් කාර්යාල මට්ටමින් කඩිනම් කරන මෙන් රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත.
ඒ සදහා අවශ්‍ය වන මෙට්‍රික් ටොන් 54,800 ක සහල් ප්‍රමාණය ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදු කල යුතු අතර ඒ සදහා ප්‍රතිපාදන භාණ්ඩාගාරය විසින් ලබා දීමට කටයුතු කර ඇත.
මෙම සහල් මලු බෙදාදීමට නියමිත ව ඇත්තේ , අස්වැසුම වැඩසටහන හරහා ප්‍රතිලාභ නොලැබෙන සමෘද්ධි ප්‍රතිලාභීන්, අස්වැසුම හෝ සමෘද්ධි ප්‍රතිලාභ නොලබන අමතර මූල්‍යාධාර ලබන වැඩිහිටි පුද්ගලයින්, ආබාධිත පුද්ගලයින් සහ නිදන්ගත රෝගී පුද්ගලයින් සඳහා ය.